ඊයේ වාර්තාකළ කොවිඩ් මරණ 43යි… ආසාදිතයන් සංඛ්‍යාව 2882යි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 43ක් ඊයේ (31) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. ඒ ඊයේ දිනයට අදාල මරණ 04ක් සහ මැයි 20 සිට 30 දක්වා මගහැරුණු මරණ 39ක් ලෙසිනි.

මේ අනුව ඊයේ (31) වනවිට රට තුළින් වාර්තා වුණු සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 1484කි.

එමෙන්ම ඊයේ (31) තවත් කොවිඩ් ආසාදිතයන් 2882ක් වාර්තා විය. ඒ අනුව රට තුළින් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදියන් සංඛ්‍යාව එක් ලක්ෂ හැත්තෑ නව දහස් හත්සිය හැත්තෑ එකකි.

Exit mobile version