කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා එක් කෝටි තිස් අට ලක්ෂයක් ඊයේ (27) වන විට මෙරටට ගෙන්වා ඇති අතර ඉන් එක් කෝටි එක් ලක්ෂයක් ජනතාව එන්නත් කර ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශයේ වසංගතරෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කරයි.
මෙහි පළමු මාත්‍රාව න ලක්ෂ අසූ දෙකකට ද දෙවන මාත්‍රාව ලක්ෂ 18කට ද ලබා දී ඇතැයිද ඔහු සඳහන් කරයි.
මේ අතර වයස අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් සියයට 68.4ක් දෙනාට එන්නත් එක් මාත්‍රාවක් පමණක් ලබා දී ඇතැයි ඔහු පවසයි. එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත්තේ සියයට 16.1ක් සඳහා පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.
කොවිඩ් මරණ වලින් සියයට 77ක්ම සිදුවන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගෙන් බැවින් අවුරුදු 60ට වැඩි පුද්ගලයින් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම ඉතාමත් වැදගත් යැයිද ඔහු සදහන් කරයි.