ඊයේ රෑ ජනපති අලුතින් ගැසට් කළ අමාත්‍යාංශ මහින්දට …. බැසිල් මුදල් ඇමතිකමේ දිවුරුම් දෙයි…

මුදල් ඇමතිකමේ දිවුරුම් දෙමින්...

බැසිල් රාජපක්ෂ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

අමාත්‍යාංශ විෂය පථ සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය.

ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පක්ෂ ලේකම් සාගර කාරියවසම් විසින් එම පුරප්පාඩුව සඳහා බැසිල් රාජපක්ෂගේ නම යෝජනා කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම ඊයේ (07), බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරගත් බව ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේය.


Basil
කතානායකවරයා ඉදිරියේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවරුම් දෙමින්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අමාත්‍යවරයා දිවුරුම්දෙන අවස්ථාවට අමාත්‍ය නාමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, පුෂ්පා රාජපක්ෂ මේ අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

Exit mobile version