කොවිඩ් තියෙන්නෙ ගම්පහ විතර ද?. දත්ත වලින් මතුවන ප්‍රශ්නයක්..

ඊයේ රටේම මුලු ආසාදිතයින් 3263යි.. ගම්පහින් විතරක් 2270ක්... ඉතිරි දිස්ත්‍රික් 23න්ම  993 ද?

කීර්ති ප්‍රනාන්දු –

ගතවූ පැය 24 තුළ දිවයිනෙන්ම වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 3263ක් බව ප්‍රකාශ කළත් ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15න් පමණක් කොවිඩ් ආසාදිතයින් 2270ක් වාර්තා වී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද උදෑසන වනවිට 329 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව දොම්පෙ කොට්ඨාසයෙන් හමුව ඇති අතර සෙසු කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම

දොම්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අසාදිතයින් 329ක්  මහර – 244 ක්, බියගම – 210 ක්, වත්තල – 203 ක්, ගම්පහ – 181 ක්, මීරිගම – 160 ක්, කටාන – 139 ක්, මිනුවන්ගොඩ – 135 ක්, දිවුලපිටිය – 133 ක්, රාගම – 131 ක්, ජාඇල – 117 ක්, කැලණිය – 113 ක්, අත්තනගල්ල – 100 ක්, මීගමුව – 42 ක් සහ සීදූව කොට්ඨාසයෙන් ආසාදිතයින් – 33 දෙනකු වශයෙන්  මම ආසාදිතයන් 2270  වාර්තා වී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව එසේ නම් ලංකාවේ අනෙක් දිස්ත්‍රික්ක 23න්ම වාර්තා වී ඇත්තේ 993ක් පමණි.

 

Exit mobile version