කීර්ති ප්‍රනාන්දු –
ගතවූ පැය 24 තුළ දිවයිනෙන්ම වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 3263ක් බව ප්‍රකාශ කළත් ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15න් පමණක් කොවිඩ් ආසාදිතයින් 2270ක් වාර්තා වී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද උදෑසන වනවිට 329 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව දොම්පෙ කොට්ඨාසයෙන් හමුව ඇති අතර සෙසු කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම
දොම්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අසාදිතයින් 329ක් මහර – 244 ක්, බියගම – 210 ක්, වත්තල – 203 ක්, ගම්පහ – 181 ක්, මීරිගම – 160 ක්, කටාන – 139 ක්, මිනුවන්ගොඩ – 135 ක්, දිවුලපිටිය – 133 ක්, රාගම – 131 ක්, ජාඇල – 117 ක්, කැලණිය – 113 ක්, අත්තනගල්ල – 100 ක්, මීගමුව – 42 ක් සහ සීදූව කොට්ඨාසයෙන් ආසාදිතයින් – 33 දෙනකු වශයෙන් මම ආසාදිතයන් 2270 වාර්තා වී ඇත.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව එසේ නම් ලංකාවේ අනෙක් දිස්ත්‍රික්ක 23න්ම වාර්තා වී ඇත්තේ 993ක් පමණි.