ඊයේ තෙල්දෙණිය රෝහලේ මරණය සමග පොරබදමින් සිටි කොවිඩ් රෝගීන් 06න් 02ක් ප්‍රතිකාර නැතිව මරුට

දැඩි සත්කාර ඒකක ඇඳන් නොමැතිවීම නිසා ඊයේ  තෙල්දෙණිය රෝහලේ මරණය සමග පොරබදමින් සිටි කොවිඩ් ආසාදිත රෝගීන් 06 දනාගෙන්  දෙදෙනෙක් ප්‍රතිකාර කරගත නොහැකිව අද මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග තහවුරු කරයි.

දැඩි සත්කාර ඒකකයක් තුළ ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් 07 දෙනෙක් තෙල්දෙණිය රෝහලේ ඊයේ වනවිට සිටි බවත් ඉන් එක් රෝගියෙක් කොළඹ දැඩි සත්කාර ඒකකයක් වෙත යොමු කළ බවත් ඉතිරි හය දෙනා  දැඩිසත්කාර ප්‍රතිකාර අවශ්‍ය මට්ටටමේ අසාධ්‍ය තත්වයෙන් සිටින බවත් ඊයේ  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාවන මෙහෙයුම් කමිටු විශේෂ රැස්වීමේ දී මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය හෙළි කළේය.

අද මියගොස් ඇත්තේ ඒ රෝගීන් හයදෙනාගෙන් දෙදෙනෙකි.


මේ වනවිට අසාධ්‍ය නිවුමෝනියා තත්වයෙන් පොල්ගොල්ල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් රෝගීන් 05දෙනෙක් තෙල්දෙණිය රෝහල වෙත යොමු කර තිබේ.

නැවත වරක් දැඩිසත්කාර ප්‍රතිකාර අවශ්‍ය මට්ටමේ රෝගීන් 09ක් මරණීය අවදානමක් සහිතව තෙල්දෙණිය කොවිඩ් රෝහලේ දමා සිටින බව වාර්තා වෙයි.

කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තෙල්දෙණිය රෝහලේ කොවිඩ් රෝගීන් 06ක් ජීවිතය සමග සටනක

Exit mobile version