ශ්‍රියානි විජේසිංහ –
අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් විටින් විට ඇතිවන උණ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ගල්වැව සිරිධම්ම හිමියන් ඊයේ (06) ඇප ලබා නිදහස් වීමෙන් අනතුරුව අධික උණ තත්වයකින් පෙළීම නිසා යළිත් රෝහල්ගත කළ බව සඳහන් වේ
මේ වන විට ජාතික රෝහලේ 50 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන උන් වහන්සේ මීට ත්‍රස්ත විමර්ශන ඒකකයේ සිටින විට ඩෙංගු රෝගය වැලදී රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටින විට වෛද්‍ය නිර්දේශයන්ගෙන් තොරව රෝහලෙන් රැගෙන ගිය බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
කෙසේ නමුත් විටින් විට පවතින උණ රෝගී තත්ත්වය පිලිබදව සොයා බැලීමට මේ වන විටත් වෛද්‍යනිර්දේශයන් මත පරික්ෂණ ආරම්භ කර ඇතැයි එම ප්‍රකාශකයා පැවසීය.