ඊයේ ඇප මත නිහස් වූ මහනුව පුද්ගලික පාසලේ වධක ගුරුවරුන්ගේ ඇප අවලංගුයි… නැවත 20 තෙක් රිමාන්ඩ්…

court-

දරුවන්ට කෲර ලෙස සැලකීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරතගව සිටිය දී  මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ඇප මත නිදහස් කළ  මහනුවර පුද්ගලික පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් හය දෙනා නැවත කැඳවා ඇප අවලංගු කර  රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි  පොලිසිය විසින් ගොනුකළ මෝසම සැලකිල්ලට ගනිමින්  එම පිරිස කැඳවා ලබන  20 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන  ලෙස මහනුවර  මහේස්ත්‍රාත් අධිකරණය අද (16)   නියෝග කළේය.

පහර කෑ දරුවන් රෝහල්ගත කර  අධිකරණ පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු  ඔවුන්ගේ  දෙමව්පියන්ට භාර දී ඇත.

මහනුවර බොක්කාවල මොරන්කන්ද ප්‍රදේශයේ නේවාසිකව අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා පහසුකම් සලසන පෞද්ගලික පාසලක   අධ්‍යාපනය ලබමින් සිටි ළමුන් පිරිසකට අමානුෂික ලෙස පහර දී වධ හිංසා සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ ලැබ සිටිය දී මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි විසින් විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුවන් හය දෙනා  ඊයේ (15) ඇප මත මුදා හැරීමට  නියෝග කළේය.

මෙම ඇප ලබා දීම සිදු වී ඇත්තේ ළමා හා කාන්තා කාර්යාංශය නොවිමසා පොලිසිය නොකැඳවා බව දැනගත් පසු මහනුවර පොලිස් ප්‍රධානීන් එක් වී කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීන්දුවට එරෙහිව මෝසමක් ඉදිරිපත් කිරීමට අද උදේ තීරණය කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙලෙස ඇප අවලංගු කර යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරනු  ලැබුවේ පී.ඩබ්ලිව්.සුජීව සම්පත් ලේකම්ගේ,එච්.ජී නුවන් ප්‍රදීප් පෙරේරා,පී.ජී පියතිස්ස,ශාන්ත බණ්ඩාර දිසානායක,හිමාෂි හංසිකා ගුණසේකර,කේ.ඩබ්ලිව් ප්‍රසාංග මොනෝජා දිල්හාරා නැමැති අයය.

Exit mobile version