ඊටීඑෆ් මුදල් කොල්ල කෑ  නිලධාරීන් 10ක ගේ වැඩ තහනම්!

සේවක භාරකාර අරමුදලේ මුදල් කොල්ල කෑ  ගම්පහ දිස්ත්‍රික් සේවක භාරකාර අරමුදල් මණ්ඩල කාර්යාලයේ  නිලධාරීන්  10කගෙ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වේ.

සේවක භාරකාර අරමුදලේ මුදල් ලබා ගැනීම සඳහා පැමිණෙන සමහරුන්ගේ මුදල් අතුරුදහන්වීමක් සම්බන්ධව සිද්ධි කීපයක් වාර්තාවීමත් සමග මේ පිළිබඳව විමර්ශන ආරම්භ වී ඇතැයි පැවසේ.

එහිදී හෙළි වී ඇත්තේ  කම්කරු දෙපාරත්මේන්තු ප්‍රධාන කාර්යාලයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගේ ද සහයෝගය සහිතව ගම්පහ සේවක භාරකාර අරමුදල් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින්    ඊටීඑෆ් මුදල් කොල්ලකෑම්  සිදුකළ සංවිධානාත්මක ජාවාරමක තොරතුරුය.


මේ හෙළිදරවුවීමත්   සමගම ඒ පිළිබඳව විශේෂ ආයතනික පරීක්ෂණයක් ආරම්භ කර ඉන් පසු සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහි ප්‍රතිඵල ලෙස දැනට නිලධාරීන් දස දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. මේ වනවිට ගම්පහ කාර්යාලයෙන් සේවක භාරකාර අරමුදල් ගෙවීම් තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ. එම මූල්‍ය පරිපාලනයන කොළඹ ප්‍රධාන කාර්යාලයට පවරාගෙන ඇතැයි පැවසේ.

Exit mobile version