ඉෂාරා දේවේන්ද්‍රට ලිංගික බලපෑම් කළ ITN සල්ලාල මහල්ලාගේ සිද්ධිය  සම්බන්ධ පුළුල් පරීක්ෂණයක්! ජනමාධ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දි කියයි…

ස්වාධීන රූපවාහිනී සේවයේ  ප්‍රධානියෙකුගේ සල්ලාල ලිංගික අඩම්තේට්ටම් නිසා සිය රැකියාව හැර ගිය සම්මානිත ප්‍රවෘත්ති සන්නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍රට සිදුවී ඇති බවට පලවන අකටයුත්ත සම්බන්ධව ඇය විසින් අමාත්‍යාංශ මට්ටමට මෙතෙක් කිසිම පැමිණිල්ලක් ඉදිරිපත් කර නැති මුත් ආයතනික වශයෙන් පුලුල් විමර්ශන කටයුත්තක් ආරම්භ කර ඇතැයි ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන අද (25)  පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ඉෂාරා දේවේන්ද්‍රට සිදු වී ඇති ලිංගික බලපෑම සම්බන්ධව ජනාධිපතිවරයාට යැවූ ලිපියක් පාදක කරගනිමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කුමාරි කවිරත්න ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

පාර්ලිමේන්තු කාන්තා සංසදයේ උප සභාපතිනිය ලෙස ප්‍රශ්නය යොමු කරමින් ඇය කීවේ මේ සල්ලාලා නිලධාරියාව හෙළි දරව් කර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මෙසේ පැවසුවේය.


“ මේ පිළිබඳව සමාජ මාධ්‍යවල පලවන විවිධ දේ ගැන  විනය ක්‍රියාමාර්ගයක් ගන්න ඇමතිවරයෙක් හැටියට බෑ කියලා ඔබ තුමියත් දන්නවා.  ඒ සිද්ධිය සම්බන්ධව අපට කිසිම පැමිණිල්ලක් ලැබිලා නෑ. ඒ නිසා මම  මේ පිළිබඳව දැනුම්වත් වූ වහාම මගේ  ලේකම්වරයාට කිව්වා අදාල පාර්ශවයන්ට කතා කරලා පැමිණිල්ලක් ඉල්ල ගන්න කියලා.”

“අනුෂ පැල්පිට ලේකම්වරයා අදාල හානිය වුනා කියන අයට කතා කරලා අදාල හානිය උනා කියන අයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න කියලා දැන්වුවා.”

“නමුත් මේ වනවතුරු පැමිණිල්ලක් අපට ඉදිරිපත් වී නෑ. “

“ඒ අතර ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන සමුලුවක් සඳහා ලංකාවෙන් පිටතට ගිහින් තියනවා. එතුමා නීතිඥයෙක් නිසා ඒ පිළිබඳ අභ්‍යන්තර නිලධාරියෙකුට එරෙහි පරීක්ෂණය ඇතුළතින්ම කරන්නෙ නැතිව ඊට වඩා ස්වාධීන පිටත වඩාත් පුලුල් හා විෂයානුබද්ධ,  නිතිඥ තුමියකගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියන බව දුරකථනයෙන් මට  එතෙර සිට දැනුම් දුන්නා.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවත් නිතී විද්‍යාලයේ විදුහල්පති තුමත්   උපදේශාත්මක සහයෝගය ලබා දෙන බව සභාපතිවරයා මට දැනුම්  දී තිබෙනවා.

 

Exit mobile version