ඉල්ලා අස්වන බව කී දකුණුපලාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගනී….

ලලිත් චාමින්ද –

ඉල්ලා  අස්වන බව කී දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ තවදුරටත් දකුණු පළාත් ආණ්ඩුකාරධුරයේ  කටයුතු කිරිමට තින්දුකොට ඇතිබැව් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

ආණ්ඩුකාරවරයා මිට පෙර  ප්‍රකාශකොට තිබුණේ නව ජනාධිපතිවරයකු පත්විමත් සමග තමන් දකුණු පළාත් ආණ්ඩුකාරධුරයෙන් ඉල්ලා අස්විමට කටයුතුකරණ බවය.

නව ජනාධිපතිවරයා සමග කටයුතු කිරිමට  කිසිදු ගැටළුවක් නොමැති නිසා   ආණ්ඩුකාරධුරයෙන් ඉල්ලාඅස්විමට ගත් තිරණය වෙනස් කිරිමට  ආණ්ඩුකාරවරයා විසින් තින්දුකොට ඇත.

මේ පිළිබද අප දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ  ගෙන්  කළ විමසුමකදි මෙසේ කිවේය.


“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපතිධුරයට පත්වුයේ ශ්‍රිලංකා පොදුජනපෙරමුණේ සහයෝගයද ඇතිව. මේ නිසා දේශපාලන වශයෙන් රටේ  ඇතිවෙලා තියෙන වෙනස්කම ආණ්ඩුකාරවරුන්ට අහිතකර  විදියට බලපාන්නේ  නැති නිසා ස්වෙච්ඡාවෙන් ආණ්ඩුකාරධුරයෙන් ඉවත්විමට ගත් තිරණය මා වෙනස්කරගත්තා. “

“විශේෂයෙන් කථානායකතුමා, දකුණු පළාතේ මැති ඇමතිවරු, විපක්ෂයේ දේශපාලනඥයින්, පළාත් පාලන ආයතනවල ප්‍රධානින්, හිටපු පළාත්සභා මන්ත්‍රිවරු සහ , ශ්‍රිලංකා පොදුජනපෙරමුණ මගෙන් ඉල්ලිමක් කළා ආණ්ඩුකාරධුරයෙන් ඉල්ලාඅස්වෙන්න එපා කියලා.  දැනට ආණ්ඩුකාරධුරයෙන් ඉවත්විමේ අවශ්‍යතාවයක් නැහැ.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“එමෙන්ම  මාධ්‍යමගින් වාර්තාකොට තිබුනා  දැනට හිස්ව ඇති පොදුජනපෙරමුණේ මන්ත්‍රිධුරය ලබාගැනිමට මමත් තරග කරනවා කියලා. ඒ පිළිබද මගේ කිසිදු අදහසක් නැහැ.  තවදුරටත් දකුණු පළාත් ආණ්ඩුකාරධුරයේ කටයුතු කරණවා.“   ආචාර්ය විලිගමගේ  වැඩිදුරටත් සදහන් කළේය.

Exit mobile version