ලලිත් චාමින්ද –
ඉරාන නෞකාවේ නාවිකයින් මියගොස් ඇත්තේ පිපිරිම නිසා ඇති වු අස්ථි බිඳීම් සහ අභ්‍යයන්තර තුවාල සහිතව දියේ ගිලිමෙන් බැව් එම නාවිකයින්ගේ පශ්චාත් මරණ පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
ඉරාන නෞකාවට එල්ලවු සබ්මැරින ප්‍රහාරයක් හේතුවෙන් මුහුදුබත් වු නෞකාවේ සිටි නාවිකයින් 84 දෙනෙකුගේ මළ සිරුරු නාවික හමුදාව විසින් ගාල්ල ජාතික රෝහලට රැගෙන එමෙන් පසු මෙම මළ සිරුරුවල පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සිදුකරණු ලැබිය.
පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය යු.සි.පි.පෙරේරා, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය අජිත් රත්නවිර සහ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ජානකි වරුෂාහැන්නදි ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරින් 12 දෙනෙකු සහභාගි වී සිටියහ.
ඊයේ (05) අළුයම 5.00වන තෙක් මියගිය නාවිකයින්ගේ පශ්චාත් මරණ පරික්ෂණ මෙම අධිකරණ වෛද්‍ය කණ්ඩායම විසින් සිදුකරණු ලැබිය.
අධිකරණ වෛද්‍ය කණ්ඩායම කණ්ඩායම් තුනකට බේදි එකවර මළ සිරුරු තුන බැගින් පශ්චාත් මරණ පරික්ෂණ සිදුකොට ඇත. පශ්චාත් මරණ පරික්ෂණ සිදුකිරිමෙන් පසු මළ සිරුරු විශේෂිත ශිතාගාර දෙකක තැන්පත් කිරිමට කටයුතු කරණු ලැබිය.







