සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉරානය හොමුස් සමුද්‍ර සන්ධිය වසා දමයි…

by editor
මාර්තු 3, 2026
in පුවත්
strait-of-hormuz

හොමුස් සමුද්‍ර සන්ධිය...

Share on FacebookShare on Twitter

ලෝකයේ ප්‍රධානතම බලශක්ති සැපයුම් මාරගයක් ලෙස සැලකෙන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීමට ඉරානය තීරණය කර තිබේ.

එම තීන්දුව සමඟ ගෝලීය ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් නිකුත් කළ නිල නිවේදනයකට අනුව, මෙම මුහුදු තීරය හරහා ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවට දැඩි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත.

මේ තීන්දුව ඉරාන ගනු ඇත්තේ මරාගෙන මැරෙන ප්‍රවේශයක් සහිතව බව විශ්ලේෂකයෝ මින් පෙර පෙන්වා දුන්හ. මක් නිසාද යත් ඉරානයේ මෙන්ම ඉරාන හිතවාදී චීනයේ ආර්ථිකයද හොමුස් සමුද්‍ර සන්ධිය මත රඳා පැවතුන බැවිනි.

කෙසේ වෙතත් අවසනයේදී ඉරානය මෙම ‘ආර්ථික අවිය’ භාවිතා කිරීමට තීරණය කර තිබේ.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

හෝමුස් සමුද්‍ර සන්ධිය වැදගත් ඇයි…

ලෝකයේ දිනපතා බොරතෙල් අවශ්‍යතාවයෙන් 20%කට (බැරල් මිලියන 21ක් පමණ) වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරනු ලබන්නේ මෙම පටු සමුද්‍ර සන්ධිය හරහාය. සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය සහ ඉරාකය වැනි ප්‍රධාන තෙල් අපනයනකරුවන්ගේ ප්‍රධානතම නාවික මාර්ගය මෙයයි. මෙලෙස සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මේ වන විටත් 13% කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, එය ඉදිරි දිනවලදී ඩොලර් 100 සීමාව ඉක්මවා යනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.

ජාත්‍යන්තර නාවික දත්ත (Marine Traffic) වලට අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ නෞකා 150කට අධික සංඛ්‍යාවක් ගමන් කළ නොහැකිව නතර වී තිබේ. ඉරානය විසින් නෞකා කිහිපයකටම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බවට වාර්තා වන අතර, ජාත්‍යන්තර නාවික රක්ෂණ ආයතන විසින් මෙම කලාපය සඳහා වන රක්ෂණ ආවරණ (War Risk Insurance) තාවකාලිකව අත්හිටුවා ඇත.

අපට විය හැකි බලපෑම

මෙම තත්ත්වය ශ්‍රී ලංකා වැනි ආනයන මත යැපෙන රටවලට මාරාන්තික බලපෑමක් එල්ල කළ හැකිය.

ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාමත් සමඟ මෙරට ඉන්ධන මිල සූත්‍රය අනුව මිල ගණන් දැඩි ලෙස ඉහළ යාමේ අවදානමක් පවතී.

ප්‍රවාහන ගාස්තු ඉහළ යාම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගොස් උද්ධමනය යළිත් ඉහළ යා හැකිය.

ඛනිජ තෙල් මගින් ජනනය කරන විදුලි ඒකකයක පිරිවැය ඉහළ යාම තුළින් විදුලි බිල කෙරෙහි ද බලපෑම් එල්ල විය හැකිය.

මෙම අර්බුදය සමනය කිරීම සඳහා ඇමෙරිකානු නාවික හමුදාව මැදිහත් වුවහොත් එය කලාපීය මහා පරිමාණ යුද්ධයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තාවකාලිකව නවතා දමා තිබූ යාපනය ඉන්දියාව අතර නැව් ගමන යලි ඇරඹෙයි…

Next Post

ඉරාන මාරාන්තික ප්‍රහාරයක් ගැන කියැවෙන බුද්ධි වාර්තාවක් නිසා ඇමරිකාව සීරුවෙන්…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.