ඉරානයේ විශාලතම මිලිටරි නෞකාව ගිනි ගෙන දැවී අද (02) සවස මුහුදුබත් වුනේය.
දකුණු හෝමොස්ගන් පළාතේ ජැස්ක් වරාය ආසන්නයේ දී අද අළුයම් කාලයේ මෙම හදිසි ගින්න හටගෙන තිබිණි. ගින්න නිවා ගැනීම සඳහා පැය 20ක් තිස්සේ දැරූ උත්සාහය ව්‍යර්ථ කරමින් ඇය ඕමාන් බොක්කෙහි ගිලී ගිය බව ඉරාන හමුදාව ප්‍රකාශ කළේය.
නැවේ කාර්ය මණ්ඩලය ඇතුළුව ගින්න සිදුවන විට නැවේ සිටි 400ක පමණ පිරිස බේරාගත් නාවිකයන් 20 දෙනෙක් ගින්නෙන් පිළිස්සුම් තුවාල ලැබූ බවත් ඉරාණ මාධ්‍යය වාර්තා කළේය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.