ඉරාකයේ කොරෝනා ආසාදිතයින් සිටි රෝහලක ගින්නක්

ඉරාකයේ නසිරියා හි කොරෝනා අසාදිතයින් ප්‍රතිකාර ලබමින් සිටි රෝහලක ඇති වූ ගිණි ගැනීමකින් පුද්ගලයින් 44 දෙනෙකු මරණයට පත්ව තවත් 67ක් තුවාල ලබා තිබේ.

මෙම ගින්නට හසුවීමෙන් රෝහලේ ඔක්සිජන් ටැංකියද පුපුරාගොස් ඇති බවද එරට බලධාරීන් සඳහන් කරයි.

ගිනි ගැනීම සම්බන්ධයෙන් ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාපා අල් කඩිමි විසින් කැබිනට් අමාත්‍යවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.


එම සාකච්ඡාවේදී ඉරාක අග්‍රාමාත්‍යවරයා විසින් නිසරියා නගරයේ සෞඛ්‍ය සිවිල් ආරක්ෂාව පිළිබඳ ප්‍රදානීන් සේවයෙන් පහකරන්න තීරණයක කර තිබේ.

ඒ අනුව ගින්න හටගත් රෝහලේ කළමනාකරුව සේවයෙන් පහකර වහාම අත්ඩංගුවට ගන්න ලෙස නියෝග කර ඇත.

“ඉක්මණින් පැතිර ගිය ගින්නට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් විශාල පිරිසක් හසුවුනා. ඒඅයව මුදාගන්න සහන සැපයීමේ කණ්ඩායම්වලට දැඩි ප්‍රයත්නයක් දරන්න වුනා.” යනුවෙන් රෝහල් සේවකයෙකු රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.

මූලික පරීක්ෂණ වලට අනුව කොරෝනා රෝගීන් සිටි වාට්ටුව ආසන්නයේ පිහිටි ඔක්සිජින් ටැංකිය පුපුරායාමෙන් පසුව ගින්න සීඝ්‍රයෙන් සහ දරුණු ලෙස පැතිර ගොස් තිබේ.

“කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කළ වාට්ටුව ආසන්නයෙන් ලොකු පිපුරුම් සද්දයක් ඇසුනා. ඒත් එක්කම ගින්න ඉතා ඉක්මනින් පැතිරා ගියා.” යනුවෙන් ගින්නට මැදිවූ විශාල පිරිසක් මුදාගැනීමට සමත්වූ රෝහල් ආරක්ෂක සේවකයෙක් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.

රෝහල් බලධාරීන් පවසන අන්දමට බොහොමයක් රෝගින් පිළිබඳ තවමත් තොරෙතුරක් සොයා ගැනීමට නොහැකිව ඇති අතර රෝහල් සේවකයින් දෙදෙනෙකු ගින්නට හසුවීමෙන් මරණයට පත්ව තිබේ.

මේ අතර කෝපයට පත් රෝගීන්ගේ ඥාතීන් රෝහල ඉදිරිපිටදී පොලිසිය සමඟ ගැටීමකට ලක්ව ඇති අතර පොලිස් රථ දෙකකටද ගිනි තබා අලාභ හානි සිදුකර තිබේ.

අප්‍රේල් මාසයේදී ඉරාකයේ බැග්ඩෑඩ් හිදී රෝහලක ඔක්සිජන් ටැංකියක් පුපුරායාමෙන් පුද්ගලයින් 82 ක් මරණයට පත්ව තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබීය.

යුද ගැටුම් වලින් බැටකමින් සිටින ඉරාකය තුල මේවන විට ලක්ෂ 14කට අධික කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති අතර වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් දාහත් දහසකට අධික පිරිසක් මරණයට පත්ව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බොහොමයක් ඉරාක වැසියන් චෝදනා කරනු ලබන්නේ බලධාරීන් යටිතල පහසුකම් වර්ධනය කිරීමට නිසි ලෙස අයෝජනය කිරීමක් සිදුනොකරන බවයි.

Exit mobile version