ශ්‍රියානි විජේසිංහ –
ඉමියුනොග්ලොබියුලින් (Immunoglobulin) ඖෂධ වංචාව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ , සහකාර අධ්‍යක්ෂකවරයෙක් , ගණකාධිකාරිවරයා සහ ඖෂධවේදියෙක් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන අතැයි අමාත්‍යංශය අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම නිලධාරින් අත්අඩංගුවට ගැනීමත් සමග වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් පිරිසක් මේ මොහොත වන විට ආයතනයෙන් පිටතට පැමිණ සිය විරෝධය දක්වමින් ඇත.
Immunoglobulin වංචාව සම්බන්ධයෙන් මේ වන විටත් එම ඖෂධය මෙරටට ගෙන්වු සමාගම් හිමිකරු පොලිස් අත්අඩංගුවේ පසුවෙන අතර මෙම ගනුදෙනුවට සම්බන්ධ සෞඛය අමාත්‍යංශයේ තවත් ඉහළ පෙලේ නිලධාරින් කීප දෙනෙකු සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ සිටි දේශපාලන බලවතෙකුද සම්බන්ධ බවට තොරතුර අනාවරණය වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේය.
මෙම ගනුදෙනුවට නම ගෑවි තිබනෙ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාගේ නිල කාලය පෙරේදා (18) අවසන් විය. ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.