ඉම්රාන් කෙනෙක් ලංකාවෙනුත් බිහිවන බවට අර්ජුන රණතුංගගෙන් ඉඟියක්

arjuna ranathunga

• සංගා – මහේල ඊළඟ පෙළ නායකයන් හැදුවේ නෑ
• ක්‍රිඩා පරිපාලනය එක පෙළට සිටුවා කම්මුලට ගැසිය යුතුයි
• මහා බලයක් තිබුණත් නාමල් රාජපක්ෂ ලොකුවටම ෆේල්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊළඟ ජනාධිපතිවරණයේදී තමන්ට අවස්ථාවක් ලැබුණොත් රටට නායකත්වය දීම සඳහා බෙල්ල දීමට සූදානම් බව ක්‍රිකට් ලෝක ශූර නායක හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. බොහෝ දෙනකු අර්ජුන රණතුංග ක්‍රිකට් ගොඩ ගන්නට එනවාටත් අද අකැමැති වී ඇත්තේ මෙරටින්ද ඉම්රාන් ඛාන් කෙනෙකු බිහි වේ යයි පවතින බිය නිසා බව පවසන අර්ජුන රණතුංග තමන්ට මෙතෙක් කලක් එවැනි දහසක් නොතිබුණද දැන් මේ පිළිබඳව සිතන බවත් සඳහන් කළේය. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ ටෘත් විත් චමුදිත නාළිකාව ට ඊයේ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු තවදුරටත් මෙසේද පැවසීය. “අද ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති තත්ත්වය මට එය භාර දුන්නොත් වෙනස් කරනවා කියල. මම කීවත් මට කතා කළේ නැහැ. එයට හේතුව අර්ජුන රණතුංග කියන නමට ගොඩ දෙනෙක් බයයි. ඒ බය ක්‍රීඩා බයක් නෙවෙයි දේශපාලන බයක්.එයට හේතුව අර්ජුන රණතුංග කවද හරි ඉම්රාන් ඛාන් කෙනෙක් වෙයි කියන බය. මට ඉම්රාන් කෙනෙක් වෙන්න එහෙම කැසිල්ලක් නෑ. මට තිබෙන්නේ හරි දේ කරන දැක්මක්. දැන් හැමෝම එපාවෙලානේ තියෙන්නේ එහෙම තත්ත්වෙක ඉම්රාන් කෙනෙක් නොවෙන්න බැරිකමකුත් නෑ.මම පැරදුණාට ක්‍රීඩාවෙන් එළියට ඇවිත් හරි බෙල්ල දෙන්න අවස්ථාවක් ලැබුණොත් එනවා රට හදන්න. මම හිතුවා එහෙම එන්න ඕන නෑ ඕන තරම් නායකයෝ ඉන්නවා කියල. ඒත් මට අද තේරෙනවා රට ගැන හිතන නායකයන් නෑ කියල. මට අවස්ථාවක් ලැබුණොත් බෙල්ල දෙන්න හරි එනව රට හදන්න. . අද ශ්‍රි ලංකාවේ ක්‍රිකට් පත්ව ඇති කණගාටුදායක තත්ත්වයට ප්‍රධාන හේතුව ක්‍රිකට් පරිපාලනය බවත් 2015 න් පසුව ක්‍රිකට් පරිපාලනයේ සිටි සියලු දෙනා ඊට වගකිව යුතු බවත් සඳහන් කළ අර්ජුන රණතුංග තමන්ට ක්‍රිකට් භාර දෙන්නේ නම් පළමුව කම්මුල් පහර දිය යුත්තේ මේ ක්‍රිකට් පරිපාලනයේ නිලධාරීන් එක පෙළට සිටුවමින් බවත් පැවසීය.එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ අද සිටින ක්‍රිඩකයන් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් නොවන බවත් තමන්ගේ පෞද්ගලික වාර්තා තබා ගැනීම අරමුණු කරගෙන බවත් සඳහන් කළ අතර වගකීමකින් යුතු නායකත්වයට නායකයන් හුරු කිරීම සංගක්කාර සහ මහේලගෙන් පසුව සිදු නොවූ බවත් මෙම පරිහාණියට ඔවුන්ද වග කිව යුතු බවත් ඔහු සඳහන් කළේය.එමෙන්ම වර්තමාන ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂද තනතුරට පත්ව දැන් වසරකට ආසන්න වුවත් මේ වනතෙක් ක්‍රිකට් ක්‍රිඩාවේ දියුණුව සඳහා වැදගත් යමක් සිදු නොකළ බව ද ඔහු පැවසීය.“මම ඇමතිවරයටත් දොස් කියනවා. ඇමතිවරයා ලොකු දෙයක් කරයි කියල බලාපොරොත්තු වුණා. නාමල් ඇමතිවරයා ලොකු මට්ටමින් ෆේල්. අවුරුද්දක් යනකල් මොනවද කළේ. කෝප් කමිටුව වාර්තාව බලනකොට මගේ ඇඟ දාඩිය දානවා නාමල් රාජපක්ෂ කෝප් එකේ වාර්තාව අනුව නිලධාරීන්ට රදෙන්නේ නැතිව කොහොමද කටයුතු කරන්නේ. අද නාමල් රාජපක්ෂට තිබෙන බලය විශාලයි. ජනාධිපති බාප්පා අගමැති තාත්තා තව මොනවද ඕන. අද ක්‍රිකට් පරිපාලනය වෙනස් විය යුතුයි. ඒකේ ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. අද හැදිල තිබෙන සිස්ටම් එක අනුව වෙන කාටවත් එන්න බෑ. ඉල්ලන්න නාමල් රාජපක්ෂට එන්න පුළුවන්ද කියල. නාමල් රාජපක්ෂට කියා ගෝඨාභය හෝ මහින්ද රාජපක්ෂටවත් ක්‍රිකට් පරිපාලනයට එන්න බෑ. “

Exit mobile version