ඉන්නත් නැති යන්නත් නැති ඇෆ්ගන් වැසියන්

afganistan

තලේබාන් පාලනයට නතුවීමත් සමඟ පලායන ඇෆ්ගනිස්ථාන වැසියන්ට ඉරාන සහ තුර්කි ආරක්ෂක අංශ සිය දේශ සිමාවලදී වෙඩි තබා ඇති බවට ජාත්‍යන්තර ක්ෂමා ආයතනය සඳහන් කරයි.

ක්ෂමා ආයතනට විසින් අද දින (31) පළකළ නවතම වාර්තාවකින් මේබව අනාවරණය වී ඇති අතර එහිදී ජීවිතය සොයා යන ඇෆ්ගන් වැසියන්ට අත්වන අඳුරු ඉරණම සම්බන්ධයෙන් සවිස්ථර වාර්තාවක් අන්තර්ගතය.

ඇෆ්ගනිස්ථානයෙන් පලායන වැසියන් ඉරාන දේශසීමාවට ආසන්න වන විට එම ජනයාට ජීව උණ්ඩ යොදාගෙන වෙඩි තැබීම් සිදුකර ඇති බවත් ඇතැම් ජනයා මරණයටද පත්ව ඇති බව ක්ෂමා ආයතනය සඳහන් කරයි.


මේ අතර තුර්ක දේශසීමාවටද පැමිණෙන ජනතාව ඉලක්කරද වෙඩ් තැබීම් සිදුව ඇති බවද එම සංවිධානය නිකුත් කළ වාර්තාව අනාවරනය කරයි.

වෙඩි .තැබීම් වලට අතරව ඉරානයේ සහ තුර්කයේ දේශසීමාවලට ඇතුලත් වන ඇෆ්ගනිස්ථාන වැසියන් හට දැඩි අමානුෂික ලෙස අඩත්තේට්ටම් වලට දීමටද සිදුව ඇති බව ක්ෂමා ආයාතනය අනාවරණය කරයි.
ඒ අනුව ඉරාණය සහ තුර්කය ජාත්‍යන්තර නීතීන් උල්ලංඝනය කර ඇති බවද ක්ෂමා ආයතනය විසින් පෙන්වා දෙයි.

ක්ෂමා අයාතනය විසින් සාකච්ඡා කර ඇති සියලුම ඇෆ්ගනිස්ථාන වැසියන් අනාවරණය කර ඇත්තේ තමන්ට සිය ජීවිත අවදානමට තබා ඇෆ්ගනිස්ථානයෙන් පිටව යෑමට සිදුව ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තලේබාන් පාලනයට ඇෆ්ගනිස්ථානය නතු වීමත් සමඟ දැඩි ආර්ථික අවපාතයකට රට පත්ව ඇති අතර මේවන විට රට වැසියන් ඉතා දූෂකර ජීවන තත්ත්වයකට මුහුණ දී ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Exit mobile version