ඉන්ධන අඩුවක් ඇතිව හෝ දිය හැක්කේ සති දෙකයි… ඉන් පසු ඉන්ධන මිලදී ගැනීම් අවදානමේ – මහ බැංකු අධිපති!

ගෙවීම් කර ඇති ඉන්ධන නෞකාවලින් ලබන මස ආරම්භය දක්වා ඉන්ධන අවශ්‍යතාව සපුරාලිය හැකි නමුත් ඉදිරි කාලය සඳහා ඉන්ධනමිලදී ගැනීම පිළිබද අවිනිශ්චිතතාවයක් ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ  පවසයි.

ඔහු මේ බව සදහන් කළේ හිරු සලකුණ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමිනි.

එහි දී මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ, මාසයකට ඉන්ධන සඳහා වැය වන වියදම ඩොලර් මිලියන 550ක් පමණ වන බවත්, වාහන සඳහා අවශ්‍ය වන ඉන්ධන වියදම ඩොලර් මිලියන 350 – 400ක් අතර ප්‍රමාණයක් වන බවත්ය.

ඒ සඳහා අවශය මුදල් සංචිත   ඉන්දියාවේ හෝ වෙනත් විදේශ රටකින් ණය ආධාර ලෙස ලබා ගැනීමට වන   නමුත් මේ මොහොතේ එවැනි මූල්‍ය ණයක් ලබා ගැනීම අපහසු බව‍ ඔහු කීවේය.


කෙසේ වෙතත් ලබන මාසයේ මැද වන වන තුරු පමණක් හිඟ ඇතිව හෝ ජනතාවට ඉන්ධන ලබා ගැනීමට හැකියාවක් ලැබෙන බව  මහබැංකු අධිපතිවරයා මෙහි දී පවසා සිටියේය.

යම් හෙයකින් ඉන්දියාව, චීනය හෝ වෙනත් රටක් ඩොලර් බිලියනයක් පමණ ලබා දුන්නොත් අඩු ම තරමින් මාස තුනක් පමණ ගැටලුවකින් තොරව ඉන්ධන ලබා දිය හැකි බව ඔහු කීවේය.

එසේ නොවුණහොත් ඉන්ධන අර්බුදය දිගටම පැවතිය හැකි බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණහොත් මේ ගැටලුව යම් පමණකින් හෝ විසඳීමට හැකි වන බව ද මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

එසේ ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන වැඩ පිළිවෙල ස්ථාවර මට්ටමකට පැමිණිය හොත් පමණක් වෙනත් විදේශ රටවල් ද මූල්‍ය උපකාර කිරීමට කටයුතු කරනු ඇති බව  ද ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් ඉන්දියාව පමණක් එවැනි කොන්දේසිවලින් තොරව මූල්‍යාධාර ලබා දීමට කටයුතු කළ බව ද   මහබැංකු අධිපතිවරයා කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිරු –

Exit mobile version