ඉන්ධනහලේ දූෂණයක් වීඩියෝ කළ තරුණයෙකුට ඉන්ධනහල් සේවක මැරයින් පහර දී මරා  දමලා… 

දිනසේන රතුගමගේ –

යාපනයේ උඩුවිල් ප්රදේශයේ ඉන්ධන පිරවුම් හලක සේවකයින් විසින් සිදු කළ පහර දීමකින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු  යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ  (23 )  මිය ගොස් තිබේ.

මෙම ඉන්ධන පිරවුම් හලේ විශාල පිරිසක් පෝලිමේ සිටියදී ඉන්ධන පිරවුම්හලේ  සේවකයින් විසින්  දූෂිත ලෙස වෙනත් අයවලුන්ට   ඉන්ධන ලබා දුන් අවස්ථාවක් ජංගම දුරකතනයකින් වීඩියෝ කිරීම ගැන උරණ වූ සේවකයින් එම තරුණයින් දෙදෙනාට පහර දී තිබුණි.

පහර කෑමට ලක් වූ තරුණයින් දෙදෙනා රෝහල් ගත කිරීමෙන් පසුව යාපනයේ උඩුවිල් චේපමලෙයි කෝවිලඩි ප්රදේශයේ පදිංචි සෙල්වරතිනම් ප්රසාන් (23) නමැති තරුණයා මියගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ඝාතනය සම්බන්ධයෙන් යාපනය පොලීසිය විසින් අදාල ඉන්ධන පිරවුම් හලේ සේවකයින් තුන් දෙනෙකු මේ වන විට අත් අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.


Exit mobile version