දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයින් හා උතුරේ ධීවරයින් දෙපිරිසක් අතර මුහුදේදි ඇති වූ ගැටුමකින් පසුව තුවාල ලැබූ එක් ඉන්දීය ධීවරයෙකුව ඊයේ (02) ඉන්දියාවේ නාගපට්ටන රෝහලට ඇතුළත් කොට තිබේ.
ඉන්දීය ධීවර සංගම් නියෝජිතයන් මුලින්ම ප්‍රකාශ කළේ නාවික හමුදාව විසින් මේ ධීවරයාට පහර දුන් බවයි.
නමුත් සිද්ධිය සම්බන්ධයෙන් පැවති පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ උතුරේ හා ඉන්දියාවේ ධීවරයින් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් එම ධීවරයා තුවාල ලබා ඇති බවයි.
ඉන්දියාවේ නාගපට්ටන පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.