ඉන්දීය මාරක ප්‍රභේදයෙන් බේරී ඉන්න නම් එන්නත් මාත්‍රා දෙක අනිවාර්යයි…

රෝගීන් 05ක් හමුවුනේ දෙමටගොඩ දී ගත් නියැදි 09කින්… තත්වයේ බරපතලකම ආචාර්ය ජීවන්දර කියයි....

chandima-Jeewandara

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය ඩෙල්ටා හෙවත් B 1 617 2 ප්‍රභේදයට මුහුණ දීමට එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීම අනිවාර්ය යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කරයි.

මෙම ප්‍රභේදයට එන්නත් එක්මාත්‍රාවක් ලබා ගෙන මුහුණ දිය නොහැකි වන බවත් මෙය ඉතා සැර වයිරසයක් යැයිද ඔහු අවධාරණය කරයි.

සමාජය තුලින් නියදි ලබා ගෙන සිදුකර පරික්ෂා කිරීම් වලදී කොළඹ ප්‍රදේශ කීපයකින් කොවිඩ් ආසාදිත රෝගීන් 13 දෙනෙකුගෙන් ලබා ගත් නියැදිවලින් ඩෙල්ටා ප්‍රභේදය පුද්ගලයින් පස්දෙනෙකු හඳුනා ගැනීම හැකි වූ බව වෛද්‍ය ජීවන්දර කිවේය.

දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් 9 දෙනෙකුගෙන් ලබා ගත් නියැදි වලින් 5 දෙනෙකුටම ඩෙල්ටා වයිරසය ආසාදන වි ඇති බව තහවුරු වූවේ යැයි ඔහු පැවසීය.
ජාන විශ්ලේෂණ පරික්ෂණයන් සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මෙතෙක් භාවිත කල ඉලුමිනා තාක්ෂණයත් සමග නැනෝ ෆෝ තාක්ෂණය යොදා ගැනීමටද කටයුතු කරන බව වෛද්‍ය ජීවන්දර සඳහන් කළේය.

මේ අනුව ඉදිරියේදී පරික්ෂණයන් සඳහා භාවිත කරන නියැදියන්ගේ වාර්තාවන් දින දෙකක් ඇතුළත ලබා දිය හැකි වනු ඇතැයිද ඔහු පැවසීය.

Exit mobile version