දිනසේන රතුගමගේ –
ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉන්දීය ධීවරයින් අනවසරයෙන් උතුරු මුහුදට පැමිණීම වළක්වන බවට පොරොන්දු වී දින දෙකක් ගතවීමත් සමගම ඉන්දීය ධීවරයෝ මුලතිව් මුහුදු ප්‍රදේශයද ආක්‍රමණය කළ බව මුලතිව් ධීවරයෝ පැවසූහ.
ඉන්දීය ධීවරයින්ගෙන් මෙතෙක් විශාල හිරිහැරයක් පැවතියේ යාපනය හා මන්නාරම මුහුදු තීරයට වූවත් පසුගිය දින දෙක අතුළත ඉන්දීය ටෝලර් යාත්‍රා 60 කට වැඩි සංඛ්‍යාවක් මුලතිව් මුහුදු ප්‍රදේශයට පැමිණි බව මුලතිව් ධීවරයෝ කියා සිටියහ.
නාවික හමුදාවේ යාත්‍රා පැමිණෙන විට ඉන්දීය ධීවරයින්ගේ යාත්‍රා මුලතිව් මුහුදු සීමාවෙන් ඔබ්බට යාත්‍රා කිරීම නිසා ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාවට නොහැකි වූ බවද මුලතිව් ධීවරයෝ ප්‍රකාශ කලහ.