අගෝස්තු 15 වැනිදා, ඉන්දියාවේ ‘රෙඩ් පෝර්ට්’ හි පැවති නිදහස් දින සැමරුම් උත්සවය අතරතුරේදී ඉන්දීයාවේ නිෂ්පාදිත ‘ඒඑල්එච් ධුරුව්’ හෙලිකොප්ටර් යානා දෙකක් මල් පෙති වර්ෂාවක් හැලීමට කටයුතු කළේය. මල් පෙති ඇද හැලීමෙන් පසුව අග්‍රමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා විසින් නිදහස් දින උත්සවය අමතන ලද බව ‘හින්දුස්ථාන් ටයිම්ස්’ වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.
‘එච්ඒඑල්’ නිෂ්පාදනය කරන ලද හෙලිකොප්ටර් යානා, ආරක්ෂක අංශයේ සුවිශේෂී ජයග්‍රහණයක් වන අතර ප්‍රධාන නිදහස් දින සැමරුම් උත්සවයට මල් පෙති හැලීම ආරම්භ කරන ලද්දේ 2021 වර්ෂයේදීය. එම වසරේදී මල්පෙති හැලීම සිදු කරන ලද්දේ රුසියාවේ නිෂ්පාදිත එම්අයි17 හා වී5එස් යානා මඟිනි. එම කාර්යයට ඉන්දියාවේ නිෂ්පාදිත යානා යොදා ගැනීම සිදු කෙරුණේ ප්‍රථම වරටය.
“රට පුරා විවිධ තරාතිරම්වල විශේෂ අමුත්තන් 1ල800 කට ආසන්න පිරිසක් අගනුවර නිදහස් දින සැමරුමේ කොටසක් වනු ඇත.” ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ඒ භාරත් භූෂන් බාබු ට්වීටර් සටහනක් තබමින් පවසා තිබිණි.





