බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ධීවර ප්‍රශ්නයේ දී වටේ ගිය ඩග්ලස්ට උතුරේ දී විශ්වාස භංගයක් සම්මත වෙයි…

by editor
අප්‍රේල් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට එරෙහිව යාපනය වලිකාකම් නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය සභාව විසින් 17 දා විශ්වාස භංග යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

මේ විශ්වාස භංග යෝජනාව සම්මත කර ගැනීමට ගිය අවස්ථාවේදී සභාවේ සිටි ඊ.පී.ඩී.පී.පක්ෂය නියෝජනය කරණ පිරිස ඊට එරෙහිව සභාව තුළ ගාලගෝට්ටියක් ගෙන ගියද දෙමළ ජාතික සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සභිකයින් විසින් බහුතර ඡන්දයෙන් විශ්වාස භංග යෝජනාව සම්මත කරගෙන තිබේ.

මේ පිළිබදව අදහස් දක්වමින් වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.තවසාලර් මහතා කියා සිටියේ ඩග්ලස් අමාත්‍යවරයා ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නයේදී සියලුම දෙනාගේ විශ්වාසය බිද වැටෙන අන්දමට කටයුතු කළ නිසා ඔහුට එරෙහිව මෙම විශ්වාස භංග යෝජනාව ගෙන ආ බවයි.

”උතුරේ බොහෝ දෙනෙකුගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ධීවර කර්මාන්තයයි. මේකට ඉන්දීය ධීවරයින්ගෙන් එල්ල වන බලපෑම ඉතා විශාලයි. ධීවර සංගම් සියල්ලම එකතු වෙලා යාපනයේ පෙලපාලි ගිය වෙලාවේ ඩග්ලස් ඇමතිවරයා කිව්වේ මේ ප්‍රශ්නය මේ අවුරුද්ද යන්න කළින් විසඳනවා කියලයි.“

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“උතුරේ ධීවරයෝ දස දහසක් එක්ක ඉන්දියා මුහුදු සීමාවට ගිහින්  ඉන්දීය ධීවරයෝ ලංකාවට එනවට විරුද්ධව උද්ඝෝෂණය කරන්නත් ඇමතිවරයා එනවා කිව්වා.“

“ ඊළඟ සතියේ ඔහු කියන්නේ විශේෂ බලපත්‍ර ක්‍රමයකට ඉන්දියාවේ ධීවරයින්ට  උතුරේ මුහුද බදු ක්‍රමයකට ලබා දෙන බවයි. ඒකට විරෝධය දැඩි වුණාම ඔහු කියන්නේ  මම එහෙම කිව්වේ නෑ විශාල මුදලක් අය කරගෙන ධීවර කටයුතු වල නිරත වීමට  ක්‍රමයක් ඉන්දියාවට හදලා දෙනවා කියලයි. දැන් ඔහු ආය කියනවා කොහොම හරි මේ ප්‍රශ්නය විසඳනවා කියලා. අපිට දැන් මේ ඇමතිවරයා විශ්වාස නැහැ. ඒ වගේම ඔහු මේ ඉන්දීය ධීවර ප්‍රශ්නයෙන් උතුරේ ධීවරයින්ව බේරාගැනීමට මේ ප්‍රශ්නය විසඳන්නේ  නැති බවත් දන්නවා. ඒක නිසයි අපි මෙහෙම යෝජනාවක් සම්මත කළේ. අපි මේ සම්මත වුණු යෝජනාව රජයට බාර දෙනවා”

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට දරුවන් පාසල් එවනවිට විෂබීජ නාශක දියර ගෙදරින් එවන්න එපා…

Next Post

පොට්සිටියට එරෙහි පෙත්සම් 19 ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සලකා බැලීම හෙට

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.