අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ධීවරයන් 53 නිදහස් කළ අයුරින්ම ඉන්දීය අත්අඩංගුවේ ඉන්නා ලාංකික ධීවරයින් 43 නිදහස් කරන්න…

TNA මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් ඉන්දීය මහකොමසාරිස්ගෙන් සහ ආණ්ඩුවේ වගකිවයුත්තන්ගෙන් ඉල්ලයි...

by editor
මාර්තු 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකා රජය  ඉන්දීය ධීවරයින් 53 දෙනා කඩිනමින් නිදහස් කළ ආකාරයටම දැනට ඉන්දීය බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික ධීවරයින් 43 දෙනා හා ඔවුන්ගේ යාත්‍රා වහාම නිදහස් කරවා ගැනීමට පියවර ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් ඊයේ ( 30 ) රජයේ සියලුම වග කිවයුත්තන්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කොට තිබේ.

මන්නාරමේ පිහිටි මන්ත්‍රීවරයාගේ කාර්යාලයේදී මේ බව සදහන් කළ ඔහු කියා සිටියේ ධීවර අමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් දැරිය හැකි නිසා ඔහුටද මේ කාරණය සම්බන්ධයෙන් අවධාරණය කොට එම ලිපියේ පිටපතක් යැවූ බවයි.

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 53 දෙනා කඩිනමින් නිදහස්  කර ගැනීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ගන්නා ලද පියවර  තමන් අගය කරණ බව කී මන්ත්‍රීවරයා ඒ ආකාරයටම  ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසද නිදහස් කිරීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මැදිහත් විය යුතු බව කියා සිටියේය.

ධීවර අමාත්‍යවරයා ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීම සදහා බලපත්‍රයක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කොට ඇති බවට මාධ්‍ය වල පල වූ අදහස් ගැන විමසූ විට අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා කියා සිටියේ එය රජය ගත් තීරණයක් නොව  අමාත්‍යවරයාගේ අදහසක් පමණක් බවට තමන් තවමත් විශ්වාස කරණ බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නමුත්  ලෝකයේ පවත්නා සාගර නීතියට අනුව විදෙස් රටවලට තම රටේ මුහුද ලබා දුන් රටවල් ඇතත් ශ්‍රී ලංකාවට එවනි දෙයක් ඉතා පහසුවෙන් කිරීමට අවස්ථාවක් නොලැබෙන බව තමන්ට විශ්වාස යැයිද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

ඉන්දීය ධීවරයින්ට එවැනි අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් උතුරේ ධීවරයෝ පමණක් නොව දේශපාලනඥයෝද සාමාන්‍ය වැසියෝද කැමැත්තක් නොදක්වන අතර රටේ බහුතරයෙන්ද ඒ සදහා ඉඩක් නොලබෙන බව සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

WHO අනුමැතිය නැති සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6 අපේ ජනතාවට දෙන්නෙ නෑ…

Next Post

දේශීයව නිපදවන ආහාරවල ඇෆ්ලටොක්සීන් නියාමනයක් කොහෙත්ම සිදුවෙන්නේ නෑ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.