ඉන්දීය ඕස්ට්‍රේලියා සම්බන්ධතා තරවෙයි

ඕස්ට්‍රේලියානු අග්‍රාමත්‍යවරයාගේ ඉන්දීය සංචාරය දෙරට අතර ද්වීපාර්ශවීය සම්බන්ධතා වර්ධනය කිරීමටත් දෙරටේ මිත්‍රත්තවය වර්ධනය කිරීමටත් විශාල පිටිවහලක් වූ බව ඉන්දීය විදේශ ලේකම් විනෙයි ක්වාට්ට්‍රා පවසයි.

අදාල සංචාරයේදී ඕස්ට්‍රේලියානු අග්‍රමාත්‍යවරයා දෙරටේ සම්බන්ධතා වර්ධනය කිරීමට දක්වන උද්යෝගය සහ කැපවීම මනාව පෙන්නුම් කළ බවද ඉන්දීය විදේශ ලේකම්වරයා සඳහන් කළේය.

ඒ අනුව පසුගියදා නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී ප්‍රථම ඉන්දු-ඕස්ට්‍රේලියා වාර්ෂික සමුළුව සඳහා අග්‍රාමාත්‍යවරුන් දෙදෙනාම හමුවිය. “විද්‍යා හා තාක්‍ෂණය, උපායමාර්ගික සහ ආරක්‍ෂක, තීරණාත්මක ඛනිජ ද්‍රව්‍ය, පුනර්ජනනීය බලශක්ති හවුල්කාරිත්වය, වෙළඳාම සහ ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් හරහා ඇති ශක්තිමත් සර්ව කාලීන ප්‍රගතිය නායකයින් දෙදෙනාමඉතා පැහැදිලිව සහ ඉමහත් තෘප්තියෙන් ඇගයීමට ලක් කළා,” විදේශ ලේකම්වරයා මාධ්‍ය හමුවකදී පැවසීය.


ඕස්ට්‍රේලියානු අග්‍රාමත්‍යවරයාගේ සංචාරය සහ වාර්ෂික සමුළුව ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර සබඳතා ඉහළ මට්ටමකට ගෙන යනු ඇති බවට ඉන්දීය විදේශ ලේකම්වරයා විසින් මාධ්‍ය වෙත පෙන්වා දෙනු ලැබීය.

මෙහිදී ඕස්ට්‍රේලියානු අග්‍රාමත්‍යවරයා ඉන්දිය නාවික හමුදාවට අයත් සුවිශේෂී අයි.එන්.එස්. වික්‍රාන්ත් ගුවන්යානා ප්‍රවාහ නෞකාවේද විශේෂ සංචාරයක නිතර විය. මෙය ඉන්දීය නාවික හමුදාව සතු දෙවන ගුවන්යානා ප්‍රවාහාන නෞකාවයි. එ් අනුව ඉන්දීය ගුවන්යානා ප්‍රවාහන නෞකාව සංචාරයක් කළ පළමු විදේශ රාජ්‍ය නායකයා වූයේද ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍යවරයායි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සංචාරය දෙරට අතර පවතින විශ්වාසය මෙන්ම මිත්‍රත්වයද සනාථ කරන ප්‍රබල සාධකයක් ලෙසටද සඳහන් කළ හැකිය. ඒ අනුව ඉදිරියේදී දෙරට අතර තවත් සමීපව කටයුතු කෙරනු ඇති බවත් කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන්ද ඉතා සමීපව කටයුතු කරෙනු ඇති බවටද අපේක්ෂා කළ හැකිය.

Exit mobile version