බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව යා කර පාළම් තනන්න පෙර මහජන මතය විමසන්න… මේ රට වහල්කම් කළ රටක් නෙමෙයි… යටත් විජිතයක් වුනේ නායකයන්ගේ පාවා දීම් නිසා… කාදිනල් හිමියෝ කියති…

රට කෑලි කෑලිවලට කඩා විදේශයන්ට විකුණමින් වහල් බවේ ගිල්වන මේ කටයුත්ත අසනීපයක්... නිදහස් අරගලයකට එක්ව පුරවැසි යුතුකම ඉටු කරන්න...

by editor
අගෝස්තු 28, 2023
in පුවත්
SRI-LANKA-ATTACKS-CHURCH

Share on FacebookShare on Twitter

මේ රට කිසිම අවස්ථාවක වහල් භාවයට පත් වූ වහල්කමේ ගිය  රටක් නොවන බවත්, මේ රට යම් ජාතිකය යටත් විජිතයක් වී නම් එසේ සිදුවූයේ අපේ නායකයන්ගේ පාවාදීම නිසා බවත් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ අද (27) පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ අද රාගම තේවත්ත බැසිලිකා දෙව් මැදුරේ රෝගීන් ආශීර්වාද කිරීමේ විශේෂ දේව මෙහෙයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් සිය දේශනය කරමින් කාදිනල් හිමිපාණන් පැවසුවේ ජාතිය වහල් භාවයට පත් කරන  නායකයන්ගේ පාවාදීම් හෙටත් සිදුවිය හැකි බවත් ලංකාව ඉන්දියාව යා කරන පාලම් තනන්නේ නම් ඒ සඳහා ජනමත විමසුමක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බවත්ය. කෑලි කෑලිවලට රට කඩමින් විදේශවලට විකුණමින්, පාලම් තනා ලබා ගත් නිදහස නැති කරගනිමින් කරන මේ ක්‍රියාවලිය අසනීපයක් බවය.

උන්වහන්සේ කිවේ මේ ඇස්බැස්ටස් තහඩුවට, රුපියල් පන්දහසට ඡන්දය දී ජාතිය පාවාදීමේ විනාශයට හවුල් නොවී  මේ විනාශකාරී බලවගේ පලවා හැරීමේ නව නිදහස් සටනක් සඳහා දෙවියන්ගෙන් ආශීර්වාද ඉල්ලා සිටින ලෙසය.

කාදිනල් හිමිපානෝ සිය දීර්ඝ දේශනයේ දී මෙසේ ද පැවසූහ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

“ලංකාවේ අද ඇතිවෙලා තියන තන්හාවෙන් පිරුණ  ආර්ථික ක්‍රමවේදයක්.  දැන් අපේ දේශපාලන නායකයො මේ ක්‍රමවේදය හොඳයි කියලා කිය කිය අපේ රටේ කෑලි කෑලි විකුණ විකුණ එක එක රටවල්වලට, එක එක බලාවේගවලට යටත් වෙමින්, විවිධ මෝඩ තීරණ ගනිමින්,  මේ රට විනාශය කරා ගෙනයන්නට කටයුතු කරමින් තිබෙනවා.

තව තවත් අපේ නිදහස නැතිවන මෝඩ කතා, මොඩ වැඩ සකස් කරමින් පවතිනවා.

මේ ගොල්ලන් ඉන්දියාවට පාලමක් හදනවලු.

දැන් ඉන්දියාවෙන් අපිට තියෙන ප්‍රශ්න මදැයි. තවත් ප්‍රශ්න එකතු කරගන්නයි හදන්නේ මේගොල්ලො… ඉන්දියාවෙ ඉඳන් ලංකාවට පාලමක් හදනවා කියන්නේ…

ඔබට මතකයි පරිප්පු ගෙනත් දැම්මා එක කාලෙක. ඔබට මතකයි හමුදාවක් එව්වා ඔවුන් ලංකාවට. ඔබට මතකයි ඒ අයගේ මතය මත යම් යම් දේවල් ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපිට බල කෙරුවා. බල කරලා බලයෙන් ඒවා අපේ කර උඩ පැටෙව්වා.

තව පාලමකුත් හදාගත්තාම හොඳට තියෙයි.

කවුද මේ මෝඩ කතා කියන්නේ. අපේ රට හැමදාම නිදහස් රටක්. කවදාවත් අපි කිසිම රාජ්‍යයක වහල්ලු වෙලා හිටියෙ නෑ. වෙන රටකින් කැඩිලා ගියේ නෑ. පකිස්ථානයයි, බංගලිදේශයයි, ඉන්දියාවේ ඇතුළෙ කොටස් හැටියට තිබිලා වෙන් වෙලා ගිය රටවල් දෙකක්. ශ්‍රී  ලංකාව එදා ඉඳලම තිබුණේ වෙනම.

මේ රටේ රජවරු ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තිබුණ ආර්ථික ගනුදෙනුවලට කටයුතු කළා මිසක් අපි වහල්කම් කරන්න ගියේ නෑ කාටවත්.  මේ රට ක්‍රම ක්‍රමයෙන් පාවා දෙන්නේ මේ රට විනාශ කරන්නේ අපේම මිනිස්සු තමයි.

විදේශීය ජාතියකට අපේ රට යට වුණා නම්, යට වුණේ ආදරණීය සහෝදර සහෝදරියණි, අපේ නායකයින්ගේ පාවාදීම නිසයි. හෙටත් ඒ දේ වෙන්න පුළුවන්. මේ රටේ එවැනි තීරණයක් ගන්නවා නම්, අපි හැමදෙනාගේම මතයට ගරු කරනවා නම්, ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් අද අපේ රටට මේ පාලමක් තැනීම පිළිබඳ අදහස  සඳහා     විශේෂ මහජන මත විමසුමක් ඇති කළ යුතුයි.

මහජනතාවගේ මතය නැතිව මේ දේවල් කිරීම වැරදියි. එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නෙමෙයි.

අපේ රට වෙනුවෙන් අපි ඇත්තටම අද කනගාටු වෙනවා.  අපේ රට අද වෙනදාට වඩා රෝගී තත්ත්වයකට පත් වෙලා තියනවා. අපේ රටේ පෙරේතකම කෑදරකම තන්හාව, තමන්ට පමණක් හැම දේම අයිතිකරගතයුතුයි කියන චින්තනය…. මේවට යට වෙලා, මේවට මිනිස්සුන්ව වහල් කරලා, මේ ක්‍රමවේදය තුළ අනෙක් අය ගැන හිතන රටක් හැටියට මේ ලංකාව සම්පූර්ණයෙන්ම විනාශ කරලා අසනීප තත්ත්වයකට පත් කරලා තියනවා මේ රටේ නායකයො, පසුගිය අවුරුදු හැත්තෑ පහ තුළම.

නිදහස ලැබුවාට පස්සේ, අපිට තියෙන්නේ දැන් නිදහස නැති කරගන්න එක. තවත්  ඉඩම් අක්කර දහස් ගණන් දෙමු  අපි ඔක්කෝම රටවල්වලට…

කෑලි කෑලි කඩලා කඩලා දෙමු…

හරි හොඳයි….

එතකොට අපිට කිසිදෙයක් ඉතුරුවෙන්නේ නෑ…

තේරුම් ගන්න… මේක අසනීපයක්.”

ඒ නිසා මේ රෝගීන්ගේ දවසේ අපි අපේ රට වෙනුවෙන් දේව මෑණියන්ට යාඥා කළ යුතුයි. මේ විනාශකාරී බලවේගවලින් අපිව නිදහස් කර දෙන්න කියලා අපි යාඥා කළ යුතුයි.

ඒ වගේම අපි පුරවැසි යුතුකම ඉෂ්ඨ කළ යුතුයි. එනම් මේ රටේ මේ විනාශකාරී බලවේගවලට බලයේ ඉන්නට ඉඩ නොදෙන එක. මේ විනාශකාරී බලවේග මේ රට වහල් තත්ත්වයට ඇද දමනවා නම් ඔවුන්ව එළියට දමන එකේ තීරණය ගන්න ඕන අපි.

ඒ නිසා ඇස්බැස්ටස් තහඩුවකට, එහෙමත් නැතිනම් රුපියල් පන්සියයකට, රුපියල් පන්දාහකට ඡන්දය දෙන කාලයක් ආයේ එන්න බෑ. එහෙම ඡන්දය දුන්නොත් අපි මේ රට පාවා දෙන පිරිසක් බවට පත් වෙනවා.

මේ රට තුළ සෑම ජනකොටසකගේම අයිතිවාසිකම් සුරකින, ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ ක්‍රමයක් බිහි කරන්නට කැපවීම මේ රටේ සෑම කිතුනුවෙකුගේ සේම සෑම පුරවැසියෙකුගේ පුරවැසි වගකීම බවත්, මෙවන් කාල වකවානුවක පුරවැසි උත්සාහය සහ කැපවීම විය යුත්තේ ඒ යහපත් වෙනස ඇති කිරීම වෙනුවෙන් පෙනී සිටීම බවත් උන්වහන්සේ වැඩිදුරටත් කීහ.”

අලුත් නිදහස් අරගලයක යෙදෙන්නට උන්වහන්සේ දේව ආශීර්වාදය ඉල්ලා සිටියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රතිජීවක වහ වී මිය ගිය රෝගියාගේ මරණය සම්බන්ධව විශේෂ පරීක්ෂණයක්!

Next Post

බොරැල්ලේ  චීනා කොටි 04ක් වත්කම් කොල්ල කෑ බවට කර ඇත්තේ බොරු පැමිණිල්ලක්…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.