බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව දිනුම්… ඉන්දියාව ලකුණු 119ක් බේරාගෙන පකිස්ථානය ලකුණු 06කින් පරාජය කරයි…

by editor
ජූනි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලකුණු 119ක් වූ ලෝක කුසලාන තරගයක අඩුම ලකුණු ප්‍රමාණය ඉන්දියාව වාර්තා කළ බව සැබෑය. නමුත් තියුණු තරගයකින් පසු ඉන්දියානු කණ්ඩායම ලකුණු 06කින් දිනුම්ය.
‍
මුලින්ම මේ ක්‍රිකට් තරගය ගැන කිව යුතුව තිබේ.

ඒ් තරම් මියුරු දකුණු ආසියානු ක්‍රීඩා සැනකෙළියක් ඇමරිකාවේ නොතිබුණ බව විශ්වාස කරමු. නිව්යෝක්හි නස්සසාවු ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අතුරුසිදුරු නැතිව පිරි ගොස් තිබිණි. ජාත්‍යාන්තර විස්තර විචාරකයින්ට අනුව පනස් හතර දහසක නරඹන්නන් සංඛ්‍යාවකි. මුලු ක්‍රීඩාංගනයම නිල් පැහැතිය. අතරින් පතර කොළපැහැති සමූහ දක්නට ලැබිණි.

ක්‍රිකට් උන්මාදය නිව්යෝක් ලස්සන කළ අයුරු…

ක්‍රිකට්හි ඉන්දියානු රිද්මය යනු ක්‍රිකට්හි සමස්ථ වත්මන් ස්වරූපය බව සිතන්නට බල කෙරි ඇති ඇති ආකාරය දකිමින් සිටියෙමු. ඉන්දියාව අවසන් මහා තරගයට නොමැති නම් මේ ක්‍රීඩාංගන මේ ආකාරයෙන් පිරී යනු ඇතැයි අප විශ්වාස කරන්නේ නැත. මුල් වටයේ තරගයක් වුවද මේ ඉන්දියා පකිස්ථාන තරගය අවසන් මහා තරගයක් සේම උනුසුම් වි තිබිණි.

පකිස්ථානයත් ඒ් තරම්ම විචිත්‍ර ක්‍රීඩා විලාශයකය. එහෙත් ඇමරිකාවේ මේ කෘතිමව තැන්පත් කළ තණ තීරුව ආසායානු විස්සයි 20 ක්‍රිකට් රිද්මය වෙනස් කර ඇති අයුරු කැපී පෙනුණි. පිතිකරුවන්ගේ ක්‍රීඩාව පන්දු යවන්නනට මාරු වී තිබිණි. නමුත් කිව යුත්තේ ඒ් අපට නුහුරු ආකෘතියත් පුදුමාකාර තරමට උද්වේගකර බවය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ඒ් ක්‍රිකට්වල ලකුණු 119ත් ආරක්ෂා කරගත හැකි ලකුණකි. අයිපීඒල්වල ලකුනු 250ක් ඔ්වර 20ක් තුළ ආරක්ෂා කිරීමට නොහැකි ආකාරයක් පැවතිනි. ආසියාවේ විස්සයි 20 මාදිලිය හැදුනේ ඒසේය. පන්දු යන්නන් පන්දු යවන්නේ නැව් ගුටි කන්නට බලාගෙනය. ඒත් නිව්යෝක් තණතීරුව ඒ විස්සයි 20 රටාව වෙනස් කළේය. තවදුරටත් ඒය පිතිකරුවන්ගේ ක්‍රීඩාවක් වූයේ නැත.

කාසියේ වාසිය දිනූ පකිස්ථානු කණ්ඩායම පන්දු යැවීම තේරුවේය. ආකර්ශනීය පන්දු යැවීමක යෙදුනේය. විචිත්‍ර පන්දු රැකීමක් ප්‍රකට කළේය. ඉන්දීය කණ්ඩායම පන්දු ඔ්වර 20ක් තුළ ලකුණු 119කට දැවී ගියේය.

හොඳම පිතිකරණය රිෂාඩ් පාන්ට්ගෙනි. ඔහු පන්දු 31ක දී ලකුණු 42කි. අක්සාර් පටෙල් පන්දු 18ක දී ලකුණු 20කි. අනෙක් සියල්ලන්ම ෆේල් ය.

රෝහිත් ෂර්මා ලකුණු 13කට දැවී ගියේය. හැමදාම පකිස්ථාන කණ්ඩායමට ගුටි දුන් විරාට් කෝලි ලකුනු 4කි. සූර්ය කුමාර් යාදේව් 07කි. ශිවම් ඩුබේ 3කි. හර්දික් පාණ්ඩ්‍යා 7කි. රවින්ද්‍ර ජඩේජා මුහුණ දුන් මුල් පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී යන්නේය. ජස්පිට් බුම්රා ද ඒසේමය. ලකුණු ලැබුවේ නැත. මුහුණ දුන් මුල් පන්දුවෙන්ම දැවී ගියේය.
අර්ෂදීප් සිං ලකුණු 09කි. මොහොමඩ් සිරාජ් ලකුනු 09කි.
ඉන්දියාව විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ අඩුම ලකුණු ගණනකට දැවී ගොස් ඇත. .

නසීම් ෂා ලකුණු 21ට කඩුළු 03ක්, හරිස් රවුෆ් ලකුණු 21ට කඩුළු 03ක්, මොහොමඩ් අමීර් ලකුණු 23ට කඩුළු 2ක්, ෂහීන් ෂාහ් ඇෆ්රිඩි ලකුණු 29කට කඩුල්ලක් ලැබුවේය.

පක්ස්ථානයේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 120කි. සියලු දෙනා කල්පනා කළේ පකිස්ථාන කණඩාය ජයග්‍රහණය කරනු ඇතැයි කියාය.

ඉන්දියානු කණ්ඩායම මේ වෙනස් ක්‍රිකට් මාදිලිය නිසැකවම තේරුම් ගෙන තිබිණි. පකිස්ථානු කණ්ඩායම තරගයට සාපේක්ෂව සර්ථක ආම්භයක් ලබා ගත්තේය. පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 26කි. බාබාර් අසාම් ලකුණු 13කට දැවි ගියේය. දෙවැනි කඩුල්ල දැවී යන්නේ ලකුනු 57 දීය. උස්මාන් ඛාන් ලකුණු 13කි. තුන්වන කඩුල්ල ලෙස ෆකාර් සමාන් දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 73කි. මේ වනවිට ඉන්දියාවේ ජයග්‍රහණයේ සම්භාවිතාව පෙන්වූයේ සියයට 14ක් ලෙසය.

මේ තරගය කණපිට හැරෙව්වේ ජස්පිට් බුම්රාය. ඔහු 14 වැනි ඔ්වරයේ මුල්ම පන්දුවේ දී ඉන්දියාවට බරපතල ව්‍යසනයක් කළ හැකිව තිබූ මොහොමඩ් රිස්වාන්ගේ මැද ඉන්න කුඩු කළේය. ලකුණු 80 වනවිට පකිස්ථානයේ සිව්වන කඩුල්ලත් බිඳී ගොස් තිබිණි.

ඒතැන් සිට ඉන්දියානු පන්දු යවන්නන් ඒල්ල කළ පීඩනය පිතිකරුවන්ට ක්‍රිකට් ඒපා කරන තරම් ප්‍රබල ඒකක් විය. පකිස්ථාන කන්ඩායම සියල්ල දැවී ගියේ නැත. ඔවුන් පන්දු ඔ්වර 20 ක්‍රීඩා කළේය. නමුත් ඉන්දියානු පන්දු යවන්නන් පකිස්ථාන කණ්ඩායමට ලබා දුන්නේ ලකුණු 113ක් පමණි.

පකිස්ථාන කන්ඩායම ලකුණු 06කින් පරාද විය.

පන්දු යැවීමේ දී ඉන්දියානු පිල වෙනුවෙන් ජස්පිට් බුම්රා ලකුණු 14කට කඩුළු 03ක් දවා ගනිමින් මනරම් පෙළහරක් කළේය.
හර්දික් පාණ්ඩ්‍යා ලකුනු 24ට කඩුලු 02කි. අර්ශ්දීප් සිං සහ ඇක්සාර් පටෙල් කඩුල්ල බැගින් ලැබූහ.

 

 

 

 

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විස්සයි 20 ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලෙස රැස්කළ අඩුම ලකුණු ගණනට ඉන්දියාව දැවී යයි… පකිස්ථානයට ලකුණු 120ක ජයග්‍රාහී ඉලක්කයක්!

Next Post

හොර නෝට්ටු මුද්‍රණය කරන ජාවාරම්පොලක් යාපනයෙන් අල්ලයි… මුද්‍රණය කරන්නේ 5000 නෝට්ටු!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.