ඉන්දියාවේ කොරොන වයිරස් වසංගතයේ මාරාන්තික දිනය ලෙස පසුගිය පැය 24 තුළ සැළකෙන අතර කොවිඩ් රෝගීන් 3,689 ක් මියගොස් තිබේ.
ඉන් බොහෝ මරණ ගණනාවක් ඔක්සිජන් නොමැතිකම හේතුවෙන් සහ හුස්ම ගැනීමේ අපහසුතාව මත සිදුවූ මරණ බව එරට වාර්තා පවසයි.
ඉන්දියාවේ හර්‍යානා ප්‍රාන්තය හෙට (3) සිටත් ඔඩිශා ප්‍රාන්තය ලබන 5 වැනිදා සිටත් අගුලු දමන බවට රජය නිවේදනය කර ඇත.
නව වාර්තා තබමින් ඉන්දියාව මරණ 3,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා කළ සිව්වන දිනය අදයි.
මේ වනවිට ඉන්දියාවේ COVID-19 රෝගයෙන් පුද්ගලයින් 215,542 ක් මියගොස් තිබේ.
නව ආසාදිතයින් 392,488 ක් සමඟ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මිලියන 19.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය රජයේ දත්ත පෙන්වා දෙයි.
දිනකට ආසාදිතයින් 400,000 ක් ඉක්මවා ගිය පළමු රට බවට ඉන්දියාව ඊයේ පත්විය.