ඉන්දියාවෙන් පැන්නූ කෝටි 07ක රත්තරන් යාපනේ දී නාවික හමුදා අත්අඩංගුවට

දිනසේන රතුගමගේ –

නාවික හමුදාව විසින් යාපනය අනලතීව් දූපත් ප්‍රදේශයේදී රුපියල් කෝටි  හතක් පමණ වටිනා රත්තරන් කිලෝ ග්‍රෑම් 5.5 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු 29 දා අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම රත්තරන් තොගය ඉන්දියාවේ සිට බෝට්ටුවක ආධාරයෙන් රැගෙන විත් ගොඩ බා පසුව ගොඩබිමට රැගෙන යාමට සූදානම් කොට තිබියදී නාවික හමුදා අත් අඩංගුවට පත්ව තිබේ.

රත්තරන් තොගය සමග සැකකරුවන් දෙදෙනෙකුද අත් අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන්ද යාපනයේ  මාදගල් ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු බවට හඳුණා ගෙන තිබේ.


ශ්‍රී ලංකා රේගුවේ යාපනයේ නිලධාරීන් විසින්  රත්තරන් තොගය පරීක්ෂා කිරීමෙන් පසුව සැකකරුවන් දෙදෙනා හා රත්තරන් තොගය යාපනයේ  තෙලිප්පලෙයි පොලීසිය වෙත බාර දි තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සැකකරුවන් යාපනයේ මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර තෙලිප්පලෙයි පොලීසිය  මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version