ඉන්දියාවෙන් එන අමුතු පොහොර පිළිගන්න ඇමතිවරු නිලධාරීන් සමග කටුනායක යති!

වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන, ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, කෘෂිකර්ම ලේකම් ඇතුලු පිරිස ගුවන්තොටුපලේ පොහොර පිළිගත් අවස්ථාව...

කීර්ති ප්‍රනාන්දු –

ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එන ලද මුල්ම නැනෝ නයිට්‍රිජන් දියර පොහොර තොගය අද අලුයම කටුනායක ගුවන් තොටුපලට රැගෙන ආවේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන යානය වන U.L 1156 දරන A 330-300 වර්ගයේ ගුවන් යානයෙන් මෙම දියර පොහොර තොගය මෙරටට රැගෙන එන ලදී.  එම පොහොර තොගයේ බර මෙට්‍රික් ටොන් 45කි.

nano-nitrogen-liquid-fertilizerමෙම පොහොර තොගය වත්තල හුණුපිටිය කලම්බු කොමර්ෂල් පොහොර මධ්‍යම ගබඩාව වෙත රැගෙන යෑමට නියමිතය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පොහොර තොගය ගුවන්තොටුපලේ දී බාර ගැනීම සඳහා වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන, කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ, සිවිල් ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් කේ.ජයසිංහ, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා, කලම්බු කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි ගුණවර්ධන ඇතුළු පිරිසක් එම අවස්ථාවට ගුවන්තොටුපලට පැමිණ සිටියහ.

Exit mobile version