බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවට අහිමු වූ ලෝක කුසලානය ක්‍රිකට්වලට අලුත් පාඩමක් කියා දුන් හැටි!

by editor
නොවැම්බර් 19, 2023 - Updated on නොවැම්බර් 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

දැන් ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ ජයග්‍රහණය ගැන වාර්තා කරන්න දෙයක් නැත. අඩුම තරමින් මේ රටේ කෝටි දෙකක ජන ගහණයෙක් කෝටියක්වත් සිදුවූ දේ රූපවාහිනී තිරයමත සජීවීව සිත්තම් වුන ආකාරය දුටු බව විශ්වාස කරමු.  

අපි දුටුවේ නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගනයට එක් රැස්ව සිටි එක් ලක්ෂ තිස් දහසක්ට ආසන්න පිරිසක් 11 දෙනෙක් විසින් නිහඩ කළ ආකාරය පමණි. අප දුටු ලෝකයේ ලොකුම මළගම  සිදුවූයේ නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ ය. නරේන්ද්‍ර මෝදි අගමැති තුමා ඉදිරියේය.

මේ වනවිට අයි.සී.සීය යනු ඉන්දියාවය. ඉන්දියාවේ ඔිනෑම කුපාඩිකමක් නිහඩව දරා ගැනීමට තරම් අයි.සී.සී.ය ඉන්දියාව ඉදිරියේ නිවටය. ඇත්ත කතාව එයය. ඒ බලය සහිතව    යොදා ගත  හැකි සියලුම අලජ්ජී උපක්‍රම යොදමින් මහත්වරුන්ගේ ක්‍රිඩාව තවදුරටත් වලංගුදැයි හිතෙන ආකාරයේ  හැසිරීමක් ප්‍රකට කරන අතර තම භූමියේ තමන්ගේ අගමැති තුමාගේ ක්‍රීඩාංගනයේ,  තමන්ගේ අගමැති තුමා ඉදිරියේ  තමන්ට කැමති ආකාරයෙන් සකසා ගත් තණ තීරුවක   තමන්ගේ ප්‍රේක්ෂකයින් එක් ලක්ෂ විසි දහසක්වත් වටකරගෙන අවසන් මහා තරගයක් පැරදී ලෝක කුසලානය අහිමි කරගැනීම එසේ මෙසේ ඛේදවාචකයක් නොවන බව රෝහිත ෂර්මාගේ කඳුළු අපට කීවේය. මොහමඩ් සිරාජ් හඬා වැටෙමින් ප්‍රකාශ කළේය.

ඒ කඳුළු අපව කම්පා නොකරන්නේ ඉන්දියාව යනු ක්‍රිකට් ක්‍රීඩාව නොවන බවට කර ඇති ප්‍රබල සන්නිවේදනය අපට මෙන්ම ක්‍රිකට්වලට ආදරය කරන සියලු දෙනාටම වැදගත්  නිසාය. පසුගිය 13 දා ඊඩන් ගාර්ඩ්න් ක්‍රීඩාංගනයේ දකුණු අප්‍රිකාව සමග පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී අයි.සී.සී.ය වෙත හෝ නොදන්වා පූර්ව සැලසුම් උල්ලංඝනය කරමින්   තමන්ට කැමති තණ තීරුව තෝරා ගැනීම සම්බන්ධව ඉන්දියානු කණ්ඩායමට බරතල විවේචන ලෝක ක්‍රීඩා ලෝලීන්ගෙන් එල්ල වී තිිබිණි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සතු සාපේක්ෂව විශාල ආර්ථික ශක්තිය පදනම් කරගෙන  ක්‍රිකට් ක්‍රීඩාව විෂයෙහි   ඇතිකරගෙන තිබූ ඒකාධිකාරිය පමණක් ක්‍රිකට් ලෝක ශූරතාවයක් දිනා ගැනීමට ප්‍රමාණවත් නොවන බවට කළ සන්නිවේදනය මේ ලෝක කුසලාන තරගාවලියෙන් ලැබුණ වැදගත්ම පණිවිඩය බව පමණක් සටහන් කර තැබිය යුතුය.

ඔස්ට්‍රේලියාව යනු ආදරය කළ හැකි ක්‍රිකට් ජාතියක් නොවේ. උන්ටත් ආදරය කරන්න හිතන තරමට අපේ අසල්වැසි ඉන්දියාව කුජීත වූ ආකාරය සම්බන්ධව බරපතල කණගාටුවක් ද තිබේ.

නරේන්ද්‍ර මෝදි ක්‍රිඩාංගනයේ 5 වැනි තණ තීරුව තෝරාගැනීම සහ එම තණතීරුවට කළ සත්කාරය සම්බන්ධව සලකා බලන විට ඉන්දියාව සිටියේ ලෝක කුසලානය ජයග්‍රහණය කරන මට්ටමකය.

එමෙන්ම ඉන්දියාව සිටියේ අවසන් මහා තරගය තෙක් පැවති සෑම තරගයක්ම ජයග්‍රහණය කරය. ඔස්ට්‍රේලියාව පටන් ගත්තේම පරාජයෙනි. මේ ලෝක කුසලාන තරගාවලියේ ඔවුන් මුහුණ දුන් මුල්ම තරග දෙකම අවසන් වූයේ පරාජයෙනි.  ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව තරගයෙන් විසිවෙන අවදානමක සිටියේය. පරාජයෙන් ආරම්භ වී, ඇෆ්ගනිස්ථානයට පැරදී විසිවී යන්නට සිටි ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ විචිත්‍රත්වයේ ප්‍රකාශනයකි.

දැන් තරගය ගැන කතා කරමු.  තරගය දිග හැරුණේ මෙසේය.

නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ ධාරිතාව 1.30.000කි. අඩුම තරමින් 1.25 000ක් සිටියේ ඉන්දියානුවන්ය. මුළු ක්‍රීඩාංගනයම නිල් පැහැයෙන් දිලෙද්දී අතරින් පතර කහ පැහැති තිත් දක්නට ලැබිණි. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර සිං මෝදිත් ඒ අතර සිටියේය.

කාසියේ වාසිය දිනුවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමය. ඔව්හු පන්දු රැකීම තේරූහ.

පිතිකරණයට පැමිණි ඉන්දීය ආරම්භක පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා සහ ශුබ්මන් ගිල් දැනෙන සුළු සම්බන්ධයක් නොතැබූහ. ගිල්,  මිෂෙල් ස්ටාක්ට ලකුණු හතරකට ගොදුරු විය. පළමු කඩුල්ල දැවී යන්නේ කණ්ඩායම  ලකුනු තිහක් ලබා තිබිය දිය.

ඉන් අනතුරුව කෝලි සහ රෝහිත් ෂර්මා අතර ලකුණු හතලිස් හතක සම්බන්ධයක් ගොඩනැගිනි. පන්දු තිස් එකකට හයේ පහර තුනක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුනු හතලිස් හතක් ලබා ගත් නායක රෝහිත් ෂර්මා දවා ගැනීමට  ට්‍රෙවිස් හේඩ් රැකගත් අති විශිෂ්ඨ උඩපන්දුව මෙම තරගය ඔස්ට්‍රේලියාවට ආධිපත්‍ය පැතිරවිය හැකි ව  තිරණාත්මක ලක්ෂය බව පෙනුණි.  පන්දු යැව්වේ ග්ලෙන් මැක්වෙල්ය.

අනතුරුව පිටියට පැමිණි ශ්‍රෙයාස් ලියර් ලකුනු 04කට පැට් කුමින්ස් හමුවේ දැවී ගියේය. එහෙත් යළිත් 4වන  කඩුල්ල වෙනුවෙන්  යහපත් සම්බන්ධතාවයක් ගොඩ නගන්නට විරාට් කොලි සහ කේ.එල්. රාහුල් සමත් වූහ. ඔවුන් අතර ලකුණු 57ක සම්බන්ධයක් ගොඩනැගිනි. නායක පැට් කමින්ස් ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් කෝලි දැවී යනවිට ඔහු සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගෙන තිබිණි. ලකුණු 54 කෝලි ලබා ගත්තේ පන්දු 63ක දී ය. හතරේ පහර එල්ල කර තිබුණේ 04ක් පමණි.  කෝලි මේ ලෝක කුසලාන තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රිඩකයාය. ඔහු සිය ලකුණු 54ටම එල්ල කර තිබුණේ 4 පරහර 4කි. කේ.එල්. රාහුල් ලකුණු 66ක් ලැබුවේය. ඔහු ඒ ලකුණු 66ටම එල්ල කළේ හතරේ පහර 01කි. දෙදෙනාම හයේ පහර එල්ල කළේ නැත.

මේ ස්වරූපයෙන්ම මේ තණ තීරුවේ ස්වරූපය වටහා ගත හැකිය. එය ලකුණු සහිත තණ තීරුවක් නොවන බවට  මූලික ලක්ෂණ පෙන්වා ඇත. රාහුල්, කෝලි සහ ෂර්මා හැරුණු විට කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ලකුණු 18ක් ලබා ගත් සූරිය කුමාර් යාදේව්ය. ඔහු ලකුණු 18කි.

රවීන්ද්‍ර ජඩේජා ලකුණු 09කට, මොහොමඩ් ෂාමි ලකුණු 06කට, ජස්පිට් බුම්රා ලකුණකට දැවී ගියේය. මෙහොමඩ් සිරාජ් නොදැවී ලකුණු 09කි. අමතර ලකුණු 12කි. ඉන්දියාව ලකුණු 240කට දැවී ගියේය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මිෂෙල් ස්ටාක් ලකුණු 55ට කඩුළු 03ක්, ජොස් හස්ල්වුඩ් ලකුණු 60ට කඩුළු 02ක්, පැට් කුමින්ස් ලකුණු 34ට කඩුළු 02ක්, ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 35ට කඩුල්ලක් සහ ඇඩම් සම්ප්සා ලකුණු 44ට කඩුල්ලක් දවා ගත්තේය.

සමස්ථයක් ලෙස අහමදාබාද් තණතීරු පන්දුව හොඳින් පන්දුව ඉපිලුනේය.    ඉතිහාසය අනුව මෙම තණතිරු  වැඩි වාසි ගෙනාවේ පන්දු යවන්නටය. දඟ පන්දු යවන්නනට වඩා වේග පන්දු යවන්නන් කඩුළු ලබාගෙන ඇතත් දඟ පන්දු යවන්නන් විෂයෙහි ලකුණු ලබා දීමේ සාමාන්‍ය   ඕවරයට ලකුණු 4.89කි. මෙම ක්‍රීඩාංගනයේ තරග ඉතිහාසය විමර්ශනය කරන විට වැඩි බරක් තිබුණේත් මුලින් පිතිකරණයේ යෙදුන කණ්ඩායම ජයග්‍රහණය කිරීඹටය.

අභියෝගයක් භාර ගනිමින් ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් තේරූ පන්දු රැකීම යම් පමණකට සාර්ථක බව පෙනුනත් අහමදාබාද්  ක්‍රීඩාංගනයේ එක්දින තරගවල මුලින් පිතිකරණයේ යෙදුන කණ්ඩායමක  සාමාන්‍ය වූයේ ලකුණු 237කි. ඒ අර්ථයෙන් ඉන්දියාව රැස් කළ ලකුණු 240 සැලකිය යුතු ලකුණක් බව පෙනුනේය.

ඔස්ට්‍රේලියානු ඉනිම ඇරඹීමේදීම එය සහතික විය හැකි බව හැඟුනේ ඔස්ට්‍රේලියානු මුල් පෙළ පිතිකරුවන් තිදෙනේක මුළු ලකුණු සංඛ්‍යාව 47ක් තුළ දැවී යෑමෙනි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු මැෂිම ලෙස නම් කළ ඩේවිඩ් වෝනර් ලකුණු 07කට  දවා ගැනීමට මොහොමඩ් ෂාමි සමත් විය.  ප්‍රවේගකාරී පිතිකරු මිෂෙල් මාර්ෂ් බුම්රාට ලකුණු 15කට දැවී ගියේය.  ස්ටීවන් ස්මිත් බුම්රාට ලකුනු 04කට ගොදුරුවන විට ඔස්ට්‍රේලියානු කණඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 47කි.

රටක් ලෙස අප ඉගෙන ගත යුතු ක්‍රිකට් පාඩම ඇරඹෙන්නේ එතැන සිටය.

ලකුණු 47 කඩුළු තුනක් දැවී ගිය සිය කණ්ඩායම එතැන් සිට ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 240 ට එක ලකුණක් අඩුවන මෙහොත දක්වා රැගෙන එන්නට ට්‍රෙවිස් හෙඩ් සහ මානස් ලබුස්චෙන් වෘත්තීය පරිචයකින් යුතුව  කටයුතු කළහ.

ලෝක කුසලාන අවසන් මහා තරගයක ශතක ලාභීන් අතරට එක් වෙමින් ට්‍රෙවිස් හෙඩ් ලකුණු 137ක් පන්දු 120ක් තුළ ලැබුවේය.  අතිශය සංයමකියකින් යුතුව සිය සගයාට ඉඩ හසර සරලසමින් මානස් ලබුස්චෙන් ලකුණු 58ක් ලබන්නේ පන්දු 110ක් තුළය. ඔහු එල්ල කරන්නේ හතරේ පහර 4ක් පමණි. තරගය නිමා වනතුරු ඔහු එක් අන්තයක් ආරක්ෂා කරගෙන කඩුල්ලේ ඉන්නේය.

මුළු ලකුනු ගණන  239 දී ට්‍රෙවිස් හෙඩ් ලකුණු 137කට දැවී යන විට  ට්‍රෙවිස් සහ ලබුස්චාන් සිව් වන කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 192කි.

ට්‍රෙවිස් ජයග්‍රහණයේ මුවවිටට කණ්ඩායම රැගෙන ආවත් තරගය නිමා කරන්නේ නැත. ඔහු  මෙහොමඩ් ෂිරාජ් ගේ පන්දුවට හතරේ සිමාව අසල පන්දු රකිමින් සිටි ශුබ්මන් ගිල් වෙත උඩ පන්දුවක් දී දැවී යන්නේය.

ලකුණු 02ක් ලබාගෙන  තරගය නිමා කරන්නේ ග්ලෙන් මැක්වෙල්ය. තරගයේ වීරයා ට්‍රිවිස් ‌ හේඩ්ය. තරගාවලියේ වීරයා විරාට් කෝලිය.

හය වතාවක් ලෝක ශූරතාවය දිනාගත් ඔස්ට්‍රේලියාව ඉන්දියාවේ අධි මානය කුඩු කර ඔවුන් නැවත මහ පොළොවේ පය ගස්වා තිබන්නේය.

මේ ලෝක කුසලානයෙන් ක්‍රිකට්වලට සිදුවූ යහපත්ම දේ එයය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රිකට් පරාජයේ සැබෑ කුමන්ත්‍රණකරුවන්  කවුදැයි හෙළි කරන ප්‍රමෝද්‍යගේ ඊ මේල් පණිවිඩයක් ලීක් වේ…

Next Post

මුලතිව් යටවෙයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.