ඉන්දියානු “AstraZeneca එන්නත රට තුළ භාවිතය පිළිබඳ පරීක්ෂණ අරඹයි…

නතාෂා නෙත්මිණී  –                                               

ඉන්දියානු AstraZeneca  කොවිඩ් මර්දන එන්නත පරික්ෂා කිරීම මේ වන විට විශේෂඥ කමිටුවක් මගින් ආරම්භ කර ඇති බැවින් අදාල කමිටුවේ නිර්දේශයන් නොලැබෙන්නේ නම් මෙරට තුළ එය භාවිතයට ගත නොහැකි යැයි ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ සඳහන් කරයි.

එන්නත මගින් කිසිදු පුද්ගල ජීවිතයකට සුලු හෝ හානියක් ඇති නොවිය යුතු බැවින් මේ පිළිබඳව අදාල ලියකිවිලි පරික්ෂා කිරීම ආරම්භ කර ඇති බව හෙතෙම පැවසුවේ.

එන්නත ඉක්මනින් මෙරටට ගෙන්වා ලබා දෙන්නැයි   බොහෝ දෙනා බලපෑම් කරනු ලැබුව ද එය එසේ සිදුකළ නොහැකි යැයි අධ්‍යක්ෂවරයා සදහන් කළේය..


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එන්නත නිෂ්පාදනය සදහා යොදා ගත් සත්ව කොට්ඨාසයන්, සායනික පරික්ෂණයන් සිදුකළ අන්දම, එන්නත නිෂ්පාදනය කරන සමාගම එරට තුළ ලියාපදිංචි ආයතනයක්ද , එම සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලියන් පිලිබඳව සෑහීමකට පත්විය හැකිද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් මොනවාද, ආදි කරුණු කාරණා රාශියක් පිළිබඳව පරික්ෂා කිරීම මේ වන විට විශේෂඥ වෛද්‍ය කණ්ඩායම ආරම්භ කර ඇතැයි වෛද්‍ය කමල් ජයසිංහ   පැවසුවේය.

Exit mobile version