ඉන්දියානු රෝගීන් 16ක් කෝපායි කොරෝනා රෝහලට… කාර්ය මණ්ඩල හා රෝගීන් බියෙන්…

කතා කරන්නෙ හින්දි විතරයි... වැඩබිම් සේවක පිරිසක් විය හැකියි...

covid-

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හින්දි භාෂාව පමණක් කතා කළ හැකි ඉන්දීය රෝගීන් 16 දෙනෙකු යාපනයේ කෝපායී ප්‍රදේශයේ පිහිටි කොවිඩ් මර්දන රෝහලට ඇතුළත් කොට තිබීම නිසා එහි කාර්ය මණ්ඩලය දැඩි දුෂ්කරතාවයකට හා බියකට පත්ව සිටිති.

ඉන්දීය කොවිඩ් වසංගත ප්‍රභේදය පැතිර යාමේ අවදානමක් මේ රෝගීන් නිසා ඇති විය හැකි බව කෝපායී කොරෝනා මර්දන රෝහලේ සේවක සේවිකාවන් ප්‍රකාශ කරන අතර මේ ඉන්දීය ජාතික රෝගීන් එක්වරම බස් රථයකින් රැගෙනවිත් රෝහලට ඇතුළත් කොට සිටින බවද කියා සිටියේය.

මෙම රෝගීන්ගේ ලක්ෂණ දෙස බලන විට ඔවුන් කොතැනක හෝ වැඩ බිමක කම්කරුවන් වශයෙන් සේවය කරණ පිරිසක් බව පෙනී යන බවත් මේ ඉන්දීය රෝගීන් නිසා දැනට කෝපායී කොරෝනා මර්දන රෝහලේ ප්‍රතිකාර ලබන සෙසු රෝගින් බියට පත්වී ඇති බවත් එම රෝහලේ සේවකයෝ වැඩිදුරටත් කියා සිටියහ.

Exit mobile version