ඉතාලියේ මහ මග බිරිය මරා දැමූ ලාංකික සැමියා බන්ධනාගාරය තුළ සිය දිවි නසා ගනී…

suicide

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉතාලියේ රෝම නගරයේ බස් නැවතුමක දී තියුණු ආයුධයකින් ඇන සිය බිරියව මරා දැමීම සම්බන්ධව එම ස්ථානයේ දීම ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සැමියා එරට බන්ධනාගාරය තුළ දී සිය දිවි හානිකරගෙන ඇතැයි රෝම පොලිසිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දන්වා තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ රද්දොලුව ප්‍රදේශයේ පදිංචි කොරලගේ චන්දන ප්‍රසාද් ප්‍රනාන්දු නැමැති 49 හැවිරිදි පුද්ගලයෙකි.

මිය ගිය සැමියා ඔහුගේ බිරිය සමග ඇති කරගෙන තිබූ පවුල් ආරවුලක් මත ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව බිරිය ඔහුගෙන් වෙන් වී ගොස් රෝම නගරය ආසන්නයේ වෙනම කාමරයක නැවතී හිඳිමින් රැකියාවට පැමිණ ඇත.

ඉකුත් දා මෙම පුද්ගලයා නගරට පැමිණෙන විට සිය බිරිය බස් නැවතුමක රැඳී සිටිනු දැක ඇත. අනතුරුව ඇය අසලට පැමිණ යළි නිවසට යෑමට කළ ඉල්ලීම ඇය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග ඇති වූ බහින්බස් වීම කෙළවර සැමියා විසින් බිරියට සඟවාගෙන තිබූ තියුණු ආයුදයකින් ඇන තිබේ.

ඇය රෝහල වෙත රැගෙන යද්දී මිය ගිය අතර සැමියා පොලිස් අත්අඩංගුවට පත් විය.
එරට පොලිසිය තානාපති කාර්යාලයට දැනුම් දී ඇත්තේ සැකකාර මියගිය සැමියා ෆ්‍රොසිනෝනෙ බන්ධනාගාරය තුළ හුදකලා කාමරය රඳවා සිටියදී එහි තිබූ ඇඳ ඇතිරිල්ලෙන් ගෙල වැල ලා ගෙන මිය ගොස් ඇති බවය.

Exit mobile version