බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතාලියේ ඡන්ද සටනට බැස්ස අපේ ධම්මිකා!

by editor
පෙබරවාරි 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තිස්ස ගුණතිලක –

ඇය ධම්මිකා චන්ද්‍රසේකරය. ඉතාලියේ  පළාත් පාලන මැතිවරණයේ දී  LOMBARDIA (ලොම්බර්දියා) පළාත් වෙනුවෙන් තරග කිරීමට ඉතාලියේ PARTITO DEMOCRATICO පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලාංකික කාන්තාවක වන ධම්මිකා චන්ද්‍රසේකරට අවස්ථාව හිමිව ඇත. ඉතාලියේ මෙවර පළාත් පාළන මැතිවරණයේදී එරට ජීවත්වන විදේශිකයන් නියෝජනය කිරීම සඳහා වරම් ලද එකම අපේක්ෂිකාව වන්නේද ඇයයි. විදේස් රටකින් පැමිණ ලෝකයේ බලවත් රාජ්‍යයක් වන ඉතාලිය වැනි රටක දේශපාලනයේ නිරතවීමට අවස්ථාව ලැබීම එක්තරා ජයග්‍රහණක් වන අතර ඇය එම අවස්ථාව හිමි කරගැනීම සඳහා පැමිණි ගමන්මග පිළිබඳව අප සමග කළ සාකච්ඡාවේ සම්පිණ්ඩනයකි මේ.

ඔබ දැන් විදෙස් රටක දේශපාලනයේ නිරත ශ්‍රී ලාංකික කාන්තාවක්. ඔබ කව්ද කියා ඔබම පැවසුවොත් ?

ඉතාලියේ බොහෝ දෙනෙක් මාව දන්නෙ ධම්මිකා කියන නමින්. මම විවාහකයි. දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ඔවුන් අධ්‍යාපනය අවසන් කරල ඒ අධ්‍යාපනය ලබපු අංශ නියොජනය කරමින් රැකියාවල් වල නිරත වෙනව. මගේ ගම කදාන..වයස 57යි. සාමන්‍ය පෙළ දක්වා ගියේ කදාන සාන්ත සෙබස්තියන් මහ විද්‍යාලයට. උසස් අධ්‍යාපනය හැදැරුවේ කදාන ද මෙසිනොඩ් කොලෙජ් එකේ. ඉතාලියට එන්නෙ 1984 දි. ඒ සංචාරකයෙක් විදියට.එදා ඉඳලා රෝමය නාපොලි වෙරොනා මිලානෝ යන නගර වල බොහොම දුෂ්කර රැකියාවල නිරත වෙන ගමන් වැඩිදුර ඉගෙනීම් කටයුතු කළා. සූප ශාස්ත්‍රය තමයි මගේ විෂයය වුණේ.

මිනිස්සු යුරෝපයට පැමිණීමේ ප්‍රධාන අරමුණ ආර්ථික ස්ථායිතාවය. ඔබ දේශපාලනයට පිවිසුණේ ඇයි ?

විදේශිකයන්ටත් යුරෝපයේ සමාන අයිතිවාසිකම් හිමිවෙනවා. හැබැයි ඔවුන්ව නියෝජනය කරන්ඩ, ඔවුන් වෙනුවෙන් කතා කරන්ඩ ඉදිරිපත් වෙන්ඩ තියෙන අවස්ථාවන් වලට විදේශිකයන් තාම මැලි කමක් දක්වනව. ඒ තාම එම රටවල ඉන්නෙ විදේශිකයන්ගෙ දෙවෙනි හෝ තුන්වෙනි පරම්පරාව නිසා. විශේෂයෙන්ම ඉතාලියෙ. ඒ නිසා මං හිතුව මට ලැබුණු මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයට අරගෙන ලොම්බර්දියා දිශාවේ සියලූම විදේශිකයන් වෙනුවෙන් පෙනී සිටින්න.
දේශපාලයට පිවිසීමේ අවස්ථාව ලැබුණේ කොහොමද ?

මිලානෝ නගරයේ වසර හයකට නොඅඩු කාලයක් පුරාවට විදෙශිකයන් වෙනුවෙන් භාරදූර කාර්යයන් බොහොමයක් කරන සමාජ සේවා ආයතනයක් තමයි CENTRO COMMUNITA DELLO SRI LANKA කියන්නෙ. ඒකෙ වර්තමානයේ සභාපති ධූරය දරන්නෙත් අපේ රටේම ශ්‍රී ලාංකිකයෙක් වන විපුල් ප්‍රනාන්දු මහත්මයා. මීට කලින් පැවති අවස්තා දෙකේදීත් ඔවුන් ශ්‍රීලාංකිකයන් දෙදෙනෙකුට ඡන්ද අපේක්ෂක අවස්ථාව දීල තිබුණා.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඉතින් මේ වතාවෙ මට ආරාධනා කළා මෙවර ඡන්දය වෙනුවෙන් අපේක්ෂිකාවක් විදිහට ඉදිරිපත් වෙන්න කියල, මොකද මං වසර 30කට වැඩි කාලයක් ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කරන සේවාවන් ඔවුන් කාලයක ඉඳන් බලන් හිටියා.

විදේශික පුරවැසියන්ට ඉතාලියේදී සමාන අවස්ථා හිමිවෙනවද ?

අනිවාර්යයෙන්ම ඔව්. අලු‍තෙන් කියන්න ඕනෙ නෑනෙ, බොහොමටක් රටවල සමාන අවස්ථාවන් විදේශිකයෙකු ලෙස නෙමෙයි දේශියෙකු ලෙස වුණත් ලබන්නනම් අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් සපුරා තිබීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. එහෙම සුදුසුකම් තිබෙනවනම් පුරවැසියන් ලෙස ලැබෙන අවස්ථාවන් විදේශීය රටකින් ආව පුද්ගලයෙක්ට වුණත් ලබා ගන්න පුළුවන්.

ඔබ ශ්‍රී ලංකාවේ දේශපාලන හැසිරීම ගැන දැනුවත් ඇති. ඉතාලියේ දේශපාලන හැසිරීම ගැන ඔබට කියවීමක් තිබෙනවද ?

මුලින්ම කියන්න ඕනෙ ඉතාලියේ දේශපාලනය වෙනුවෙන් ඉදිරිපත් වෙන ඕනෑම වයසක කෙනෙක් දේශපාලනය කියන විෂය පථය ගැන හය හතර දැනගෙන තමයි දේශපාලන වේදිකාවට පලවෙනි අඩිය තියන්නෙ. දේශපාලනය ගැන කොච්චර ප්‍රබුද්ධ දැනුමක් තිබුණත් වැඩක් නෑ සමාජය ඉදිරියේ නිවැරදි චරිතයක් නෙමෙයි නම්. බොරුවට උදව් උපකාර කරන්නම් සහයෝගය දෙන්නම් කියල යටින් ලියුම් ලියල කකුලෙන් අදින්න හදන දිය යටින් ගින්දර ගෙනියන වැඩ ඉතාලියෙ නෑ. ඒ වගේම ඡන්ද අපේක්ෂකයන් අතර වුනත් තියෙන්නෙ ඉතා හොඳ එකමුතුකමක්. හැමෝටම ඕනෙ තමන් දන්න ශිල්පය පාවිච්චියට අරන් සමාජයට ඵලදායී යමක් දෙන්න.

දිණුවොත් , ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශීය ප්‍රජාව වෙනුවන් මොනවද කරන්න අදහස්කරගෙන ඉන්නෙ ?

දිනුවොත් නෙමෙයි, මෙවැනි ප්‍රධාන පෙළේ යුරෝපීය ඡන්ද අපේක්ෂකත්වය ශ්‍රී ලාංකිකයෙකුට ලැබීමම ජයග්‍රහණයක් කියලයි මම නම් දකින්නෙ. ඔබගෙ ප්‍රශ්නෙට ආවොත්, මං වේ වෙනකොටත් සමාජ ආයතනයත් එක්ක එකතුවෙලා කරගෙන යන සමාජ මෙහෙවර ඉදිරියටත් ඒ විදිහටම කරගෙන යනව කිසිම වෙනසක් නැතුව. ඒක අංක එක.

ඒ වගේම, ශ්‍රී ලාංකික ප්‍රජාවට විතරක් නෙමෙයි මට මේ ලැබිල තියෙන අවස්ථාව ප්‍රයෝජනයට අරන් ලොම්බර්දියා දිසාවේ ජීවත්වන සමස්ත විදේශීය ප්‍රජාවට තව තවත් තමන්ගෙ ජීවිතයට බුද්ධිමත් වගේම උගත් වටිනාකමක් ලබා දෙන්න මං බලාපොරොත්තු වෙනව.

විශේෂයෙන්ම කියන්න ඕනි විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විතරක් නෙමෙයි අනෙක් රටවල්වලත් ඉන්නව තමන්ගෙ මව් රටේ හොඳ රැකියාවල නිරතව ඉඳල ආර්ථික හෝ සමාජීය ප්‍රශ්න නිසා විදේශගත වෙච්ච පිරිසක්. සමහර අය ඒ සම අවස්ථාව ගන්නෙ කොහොමද කියල නිසි අවබෝධයකින් නෙවෙයි ඉන්නෙ. ඔවුන් වෙනුවෙන් මේ වෙනකොටත් අවශ්‍ය පිඹුරුපත් හදල ඉවරයි.

ඒ වගේම තමයි විදෙස්ගත තාරුණ්‍යය එහෙම නැත්නම් අපේ දෙවෙනි පරම්පරාව. ඔවුන් වෙනුවෙනුත් අපි නිසි කථිකාවක් කරන්න සමාජ මණ්ඩපය හදන්නම ඕන. මං තරයේම විශ්වාස කරන දෙයක් තමයි ගොවියගෙ පුතා ගොවියෙක්ම වෙන්න ඕන නෑ කියන එක.

ඉතාලියේ මැතිවරණ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ මැතිවරණ එක්ක බලද්දි ඔබ දකින සාධනීය දේවල් මොනවද ?

ඡන්ද අපේක්ෂකත්වය ගන්න මොහොතෙම මේ ඡන්ද ව්‍යාපාරයේ මා වෙනුවෙන් ගනුදෙනු බලන්නට වගකීම් දරන නිළධාරියෙක් පත් කළ යුතුයි. ඒක හැම ඡන්ද අපේක්ෂකයෙකුම කළ යුතු ක්‍රියාවක්. ඡන්දය අවසානයේ සිදුවූ සියලූම අය වැය භාරදීල ඔවුන් හරහා මම මෙවර ඡන්ද අපේක්ෂකත්වය ලබපු PARTITO DEMOCRATICO පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට ලබා දෙන්න ඕනි. මේ වෙනකොට සමහර පෞද්ගලික ව්‍යාපාර අයතන කිහිපයක් මට මූල්‍යමය සහයෝගය දක්වනව ඒ වගේම මගේ සැමියාත් මං වෙනුවෙන් සුවිශේෂී දායක්ත්වයක් දක්වනව.

මැතිවරණ ප්‍රචාරණය නම් ගොඩක්ම සිද්ධ වෙන්නෙ සමාජ ජාලා වෙබ් අඩවි හරහා. මං දන්නෙ නෑ ඒ වගෙ නම් කිව්වට කමක් නැද්ද කියල….. ෆෙස්බුක් , වට්ස්ඇප් , වයිබර් , ඉන්සටර්ග්‍රෑම් සහ මැසේන්ජර් ඒ අතරින් ප්‍රධානයි.
ඒ වගේම පුලු‍වන් හැම වෙලේම විදේශීය ප්‍රජාව කණ්ඩායම් හැටියට මුණගැහෙන්ඩ ගිහින් ඔවුනගේ තියෙන අපහසුතා සහ ප්‍රධාන පෙලේ ප්‍රශ්න කතා කරනව. මමත් වෛද්‍ය රසායනික අංශයේ රැකියාක් කරන අතර නිසා ගොඩක් වෙලාවට හවස් වෙලාවෙ තමයි ඒ රැස්වීම් සූදානම් කරන්නෙ.

ඉරිදා දිවයින –

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෂේඩ්ස් ව්‍යාපාරය අධිපති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළ සැකකාර තරුණ යුවල අත්අඩංගුවට…

Next Post

ප්‍රබල සමාජ ක්‍රියාධරයෙක් වූ දර්ශන හඳුන්ගොඩ CID අත්අඩංගුවට…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.