ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව වෙනුවට මොඩාර්නා හා ෆයිසර් නිර්දේශ වේ..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝවන රෝග පිලිබද විශේෂඥ කමිටුවේ නිර්දේශයන්ට අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස මොඩෙර්නා සහ ෆයිසර් එන්නත ලබා දීමට හැකිවන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

මේ අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් දෙවන මාත්‍රාව ලෙස මෙම එන්නත් දෙකෙන් එකක්ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව ‌ඖෂධනියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කළේය.

ෆයිසර් එන්නත් මාත්‍රා 26000ක් සහ මොඩෙර්නා එන්නත් මාත්‍රා මිලියනයක් ලබන සතියේදී මෙරටට ලැබීමත් සමග ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට නියමිත පුද්ගලයින් එය ලබා දීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

Exit mobile version