අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇස්ට්‍රාසෙනිකා එකක් ගත් අයට ආරක්ෂාව සියයට 30යි! – හොඳ ප්‍රතිශක්තියක් ගන්න දෙවනියට ෆයිසර් දෙන්න

by Lanka Sara Editor
ජූලි 6, 2021
in පුවත්
astrazeneca vaccine
Share on FacebookShare on Twitter

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ගත් අයට මෙම කොවිඩ් 19 වෛරසයට ඔරොත්තු දීම ඇත්තේ සියයට 30ක් පමණක් බැවින් ඔවුන්ට කඩිනමින් දෙවන මාත්‍රාවක් ලබා දිය යුතු බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ ප්‍රතිශක්තිවේදය පිළිබඳව විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා මහතා පවසයි. මේ වනවිට ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයන් ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක් දෙවන මාත්‍රාව ලබා ගත නොහැකිව සිටින තත්ත්වය තුළ ඔවුන්ට ෆයිසර් එන්නත දෙවන මාත්‍රාව ලෙස ලබා දීමෙන් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ලබා ගත හැකි බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද පර්යේෂණයක නවතම ප්‍රතිඵල මත තහවුරු වි ඇති බව පැවසීය.

අද පෙරවරුවේ කොළඹ ශ්‍රි ලංකා වෛද්‍ය සංගම් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව සඳහන් කළ වෛද්‍ය රජීව් ද සිල්වා
“මෙම ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව සති 12කට පසුව ෆයිසර් එන්නත ලබා දීමේදී ඇස්ට්‍රා සෙනිකා දෙවන මාත්‍රාව ලබාදුන් පසු ලැබෙන ප්‍රතිශක්තියට වඩා වැඩි ප්‍රතිශක්තියක් ලැබෙන බව ඊයේ එළිදුටු මෙම නවතම පර්යේෂණ ප්‍රතිඵලවලින් තහවුරු වී තිබෙනවා. දැනට අපේ රටේ ඉක්මනින් මේක දෙවන එන්නත ලබා දීම ඉතා වැදගත්.දැනට මෙරටට ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් පමණ ලැබි තිබෙනවා. ඉතිරි ප්‍රමාණයත් අප සපයාගතහොත් එම ජනතාවට එන්නත් කළ හැකි වනවා.“ යයි පැවසීය.

ශ්‍රි ජයවර්ධනපුර සරසවියේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද පර්යේෂණකට අනුව මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පෙන්වන බැවින් වේගවත් එන්නත්කරණයකින් මෙම තත්ත්වය පාලනය කළ හැකිවනු ඇති බවද වෛද්‍ය රජීව් ද සිල්වා මහතා පෙන්වා දුන්නේය. එය වේගයෙන් ම පැතිරෙන බවට බ්‍රිතාන්‍ය ඇල්ෆා ප්‍රභේදයට සාපේක්ෂව සියයට 50ත් 60ත් අතර ප්‍රමාණයකින් ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම වේගවත් බවත් සඳහන් කරන වෛද්‍ය රජීව් ද සිල්වා මෙම තත්ත්වය යටතේ කඩිනම් එන්නත්කරණයක අවශ්‍යතාව අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වු ශ්‍රි ලංකා වෛද්‍ය සංගමේ සභාපතිනි ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මේ වනවිට රෝගීන් වාර්තා වීමේ සංඛ්‍යාත්මක පහළ බැසීමක් පෙන්නුම් කරන බවත් පසුගිය දිනවල ක්‍රියාත්මක වු දැඩි සංචරණ නිති ඒ සඳහා බලපෑ බවත් එම සීමා ලිහිල් කළ පමණින් වගකීමකින් තොරව ජනතාව කටයුතු කළහොත් යළි අහිතකර තත්ත්වයක් නිර්මාණය විය හැකි බව පෙන්වා දුන්නාය. එසේම මෙම තත්ත්වය පාලනය කිරීමට ඊළඟට ඇති හොඳම ක්‍රමය ඉකිමනින් එන්නත්කරණය සිදු කිරීම බවත් දැනට රජය විසින් ඒ සඳහා දක්වන කැපවීම අගය කරන බවද සඳහන් කළ වෛද්‍ය සංගම් සභාපතිවරිය තමන්ට අවස්ථාවක් ලද සැනින් එන්නත ලබා ගත යුතු බව පෙන්වා දුන්නාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිව් හමුදා ගොවිපලෙන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 3600ක්….

Next Post

මාධ්‍යවේදියාට ඩී.අයි.ජී කෙනකු කළ තර්ජනය ගැන විපක්ෂ නායක විමසයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.