සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇල්කඩුව වැවිලි සමාගමේ සේවකයෝ වර්ජනයකට අනතුරු අඟවති…

by editor
ජනවාරි 6, 2026
in පුවත්
elkaduwa
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

ඇල්කඩුව වැවිලි සමාගමට අයත් පිටකන්ද, බණ්ඩාරපොල හා හපුගස්පිටිය වතු අධිකාරිවරු හිටිහැටියේ මාරුකර සභාපතිවරයාට හිතවත් පිරිසකට ඒවාහි පාලනය බාරදීමේ උත්සහයක් පවතින බවට වතු සේවකයෝ චෝදනා කරති.

පිටකන්ද වත්ත භාරව සිටි ජ්‍යෙෂ්ඨ වතු අධිකාරිවරයා හපුගස්පිටිය රබර් වත්තට මාරුකර තිබෙන අතර ප්‍රධාන කාර්යාලයෙන් පිරිසක් පැමිණ පෙරේදා (05) එම වත්තේ සේප්පුවට මුද්‍රා තබා ඇත.

පසුගිය දිනවල පැවැති අධික වර්ෂාව හේතුවෙන් පිටකන්ද හා බණ්ඩාරපොල තේ වතු වල ස්ථාන කිහිපයක් නාය ගොස් තිබියදී පාලනාධිකාරිය විසින් ගනු ලැබ තිබෙන මෙම හදිසි තීරණයට එරෙහිව ඉදිරියේදී වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙන බව වතු සේවකයෝ පවසති.

බණ්ඩාරපොල වත්තේ කන්දේනුවර ක්ෂේත්‍රයේ වතු සේවක පිරිසක්ද වතු අධිකාරිවරයා මාරු කිරීම හා නාය යෑම් වලින් බලපෑමට ලක්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් පෙරේදා (05) විරෝධතාවක නිරතව ඇත.

ඇල්කඩුව වැවිලි සමාගමට යටතේ තේ වතු 06 ක්, රබර් වතු 02 ක්, පොල්වත්තක් හා පලතුරු වත්තක් පවතින අතර මේවා පාලනය සඳහා සිටින්නේ ජ්‍යෙෂ්ඨ වතු අධිකාරිවරු දෙදෙනෙකු, වතු අධිකාරිවරු දෙදෙනෙකු හා වැඩ බැලීම සඳහා පත් කළ වතු අධිකාරිවරු දෙදෙනෙක් පමණි.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මේ හේතුවෙන් වතු අධිකාරිවරුන්ට වතු කිහිපයක වැඩ බැලීමට සිදුව ඇත. ඇතැම් වතුවල වතු නිල නිවාසයන්හි   වතු අධිකාරිවරු පදිංචිව නොසිටීම හේතුවෙන් සැලගම, පිටකන්ද, හපුගස්පිටිය, බණ්ඩාරපොල හා මිල්ලවාන වතු වල වතු අධිකාරි හා සහකාර වතු අධිකාරි නිල නිවාස කිහිපයක් ගරා වැටෙන තත්ත්වයට පත්ව තිබේ.

වෙනත් රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු පුද්ගලයෙකුගේ නම වතු සේවක ලැයිස්තුවකට ව්‍යාජ ලෙස යොදා රුපියල් 45000 ක මුදලක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ වතු අධිකාරිවරයෙකුට විගණන විමසුමක් මගින් චෝදනා එල්ල කර තිබියදී එම පුද්ගලයාට වතු කිහිපයක් බාරදීමේ සූදානමක් පවතින බවට ද වතු සේවකයෝ චෝදනා කරති.

තාවකාලික මාරුවක් ලබා දීමෙන් පසු පිටකන්ද වත්තේ වතු අධිකාරිවරයා අසනීප නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණීම හේතුවෙන් වත්තේ වැඩකටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා සේප්පුවට සීල් තබා වැඩ බැලීම සඳහා වතු අධිකාරිවරයෙකු යොමු කළ බව මේ සම්බන්ධව කළ විමසීමකදී ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති නිරෝෂන් කරුණාරත්න   කීය.

විගණන විමසුම මගින් චෝදනා එල්ල කර තිබෙන ජ්‍යෙෂ්ඨ වතු අධිකාරිවරයාගෙන් නිදහසට කරුණු විමසා අවසන් බවත් ඒ සම්බන්ධ විමර්ශන සිදු කෙරෙන බවත් කී සභාපතිවරයා චෝදනා එල්ල වූ පමණින් සේවකයෙකු වරදකරුවෙකු නොවන බවද අවධාරණය කළේය.

වතු අධිකාරිවරු කිහිප දෙනෙකුගේම වැඩ අත්හිටුවා පරීක්ෂණ සිදු කෙරෙන බවත් ඔවුන්ගේ පරීක්ෂණ නිම වනතෙක් නවක බඳවා ගැනීම් සිදු  කිරීමට නොහැකි නිසා මේ වනවිට වතු අධිකාරිවරුන්ගේ හිඟයක් නිර්මාණය වී තිබෙන බවද සභාපතිවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ආණ්ඩුව සමෘද්ධි වැඩසටහන ප්‍රතිව්‍යුගත කිරීම මුවාවෙන් කුමන්ත්‍රණයක…” වෘත්තීය සමිති මහා නායක හිමිවරු හමුවී ආණ්ඩුවට අනුශාසනා කරන ලෙස ඉලයි!

Next Post

“ගංජා සිද්ධිය නිසා ආන්දෝලනයට ලක්වුන මාලිමා මන්ත්‍රී අධිකරණය ඉදිරියේ වරදකරු අත් හිටවූ සිර දඬුවම් විඳන කෙනෙක්…” චාමාර සම්පත් කියයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.