අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇයි මේ වැහි?… කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව හේතු කියයි…

by editor
මැයි 24, 2021
in පුවත්
Rain
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

දිවයින ආශ්‍රිතව බෙංගාල බොක්කේ පැවති පීඩන පද්ධතිය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර එය “යාස්” යනුවෙන් නම් කර තිබේ.

“යාස්” සුළි කුණාටුව දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතින අතර ඒ සමග ම නිරිතදිග මෝසම දිවයිනට ස්ථාපිත වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සුළි කුණාටුව ක්‍රමයෙන් බටහිර බෙංගාල වෙරළ දෙසට ගමන් කරමින් පවතින අතර එහි බලපෑමෙන් තවදුරටත් උතුරු අන්දමන් හා ඊසානදිග මෙන් ම නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ ඉතා රළු වන බැවින් ධීවර හා නාවික කටයුතුවල නිරත නොවන ලෙස දැඩි ලෙස අවවාද කෙරේ.

එසේ ම දිවයිනේ උතුර, ඊසාන, නැගෙනහිර මුහුදු වෙරළ ප්‍රදේශවල මෙන් ම දකුණු වෙරළ තීරයේ ද නැවත දැනුම් දෙනතුරු ධීවර කටයුතුවල නොයෙදිය යුතු බවට අවධාරණය කෙරේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

දිවයින වටා මුහුදු තීරයේ පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 3ක් පමණ ඉහළ යා හැකි බවටත්, මුහුදු රළ ගොඩබිම දෙසට පැමිණිය හැකි බවටත් අනතුරු ඇඟවේ.

තද සුළං සහ වැසි

නිරිතදිග මෝසම ස්ථාපිත වීමෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල බොහෝ ප්‍රදේශවලට තද වැසි හා ඇතැම් ප්‍රදේශවල දැඩි සුළං තත්ත්වයක් ද ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කීවේ ය.

විශේෂයෙන් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ඉක්මවූ ධාරානිපාත වැසි ද විටින් විට ඇතිවන බව ඔහු පැවසුවේය.

දිවයින ආශ්‍රිත අරාබි මුහුදේත්, ඒ සමගම බෙංගාල බොක්ක ආශ්‍රිතවත් හටගත් සුළි කුණාටු ද්විත්වයේ බලපෑමෙන් සති දෙකකට වැඩි කාලයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති වූ බැවින් මෙවර නිරිතදිග මෝසම් වර්ෂාවෙන් සිදුවිය හැකි ආපදා තත්ත්වයන් වැඩි වීමට ඇති හැකියාව ඉතා ඉහළ බව කරුණානායක පෙන්වා දුන්නේය.

නායෙ යෑම් සහ ගංවතුර

එසේ හෙයින් පසුගිය දිනවල අඛණ්ඩ ව වැසි පැවති කඳු ආශ්‍රිත ව ජීවත් වන පිරිස් ඉදිරි වැසි තත්ත්වයන් පිළිබඳ වඩාත් විමසිලිමත් වියයුතු බව ඔහු අවධාරණය කළේ ය. සුළු වැසි තත්ත්වයකදී වුව ද එකී ප්‍රදේශවල නායයාම්, කණ්ඩි කඩා වැටීම්, පස් දියවී ගලා යාම් වැනි විපත් ඇතිවිය හැකි බව අවධාරණයෙන් කීවේ ය.

එසේ ම කළු, නිල්වලා, ගිං ආදි ගංගා ඇතුළු ව ජලාශ ද බොහෝමයක ජල මට්ටම පසුගිය වැසිවලින් පිරී ඇති බැවින් නිරිතදිග මෝසම් වැසි තත්ත්වය එකී ගංගා හා ජලාශවල ජල මට්ටම් ඉතා වේගයෙන් පිටාර මට්ටමට පැමිණීමට හේතු වනු ඇත. ඒ අනුව වාං දොරටු ද විවර කිරීමට සිදු වන අතර මේ වනවිටත් කුකුළේ ගඟ ජල මට්ටම ඉහළ යාමෙන් එහි වාංදොරටුවක් විවර කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ජලාශ හා ගංගා ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව ද ඉදිරි දින කිහිපයේ විමසිලිමත් වියයුතු වේ.

අකුණු අනතුරු

නිරිතදිග මෝස්ම බලපාන ප්‍රදේශවලට සවස් හා රාත්‍රී කාලයේ අකුණු අනතුරුවල බලපෑම ද පවතින බැවින් ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කළයුතු වේ.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසූවේ අවදානම් සහිත ප්‍රදේශවලින් අවශ්‍ය වුවහොත් ජනතාව ඉවත් කිරීමටත්, සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත්, හදිසි මෙහෙයුම් සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් හා යාත්‍රා ද ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ද සූදානම් ව සිටින බවයි. එසේ ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකතන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බැවින් ආපදා තත්ත්වයන් පිළිබඳ ඊට දැනුම් දිය හැකි බව ද ඔහු කීවේ ය.

විපතට ගොඳුරු වීමට පෙර ඒ පිළිබඳ විමසිලිමත්ව පෙර සූදානම් වීමේ වගකීම ආපදා සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ද වගකීම වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර පී.සී.ආර්. ප්‍රමාදයට හේතුව හෙළිවෙයි !

Next Post

නැවේ ගින්න මතුවන තැන සොයා ගනී

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.