බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකාවේ සහාය ගන්න 2014 ආණ්ඩුව සී.අයි ඒ ඔත්තුකරුවකුට ඩොලර් මිලියන 6.5ක් දීලා !

කාටත් හොරෙන් රජයේ මුදල් ගිය හැටි වොල් ස්ට්‍රීට් වාර්තාවක් හෙළි කරයි 

by editor
අප්‍රේල් 11, 2021
in පුවත්
ඉමාඩ් සුවේරි

ඉමාඩ් සුවේරි

Share on FacebookShare on Twitter
  • මහජන මුදල් යවලා තිබෙන්නේ කැබිනට් එක සහ පාර්ලිමේන්තු මගහැරලා

  • ඩීල් එක වෙලා තියෙන්නෙ සජින් වාස් ගුණවර්ධන සහ අජිඩ් නිවාඩ් කබ්‍රාල් හරහා

ශ්‍රි ලංකා රජය 2014 වසරේදී ඇමෙරිකාව තුළ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමට සහ ඇමෙරිකානු රාජ්‍ය තන්ත්‍රය තුළ බලපෑම් දිනා ගැනීම සඳහා සී.අයි.ඒ ඇමෙරිකානු ඔත්තු සේවයේ ඔත්තුකරුවකු ලෙස ක්‍රියා කළ ඇමෙරිකානු ව්‍යාපාරිකයකුට ශ්‍රි ලංකා මහ බැංකුව හරහා ඇමෙරිකානු ඩොලර් මිලිනය 6.5ක මුදලක් වියදම් කර ඇති බව “ද සන්ඩේ ටයිම්ස් පුවත්පත“ අද වාර්තා කළේය.

සුප්‍රකට වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙබ් අඩවිය උපුටා දක්වන පුවත්පත සඳහන් කර ඇත්තේ දැනට  මූල්‍ය වංචා චෝදනා මත ඇමෙරිකාවේ සිරගතව සිටින ඇමෙරිකානු ව්‍යාපාරිකයකු වන ඉමාඩ් සුවේරි නම් ව්‍යාපාරිකයාට මෙරට මහජන මුදල් අමාත්‍ය මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ලබා දී ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් මඟින් පළ කරන ලද ගවේෂණාත්මක වාර්තාවකදී අනාවරණය වී ඇති බවය.

වෝල් ස්ට්‍රීට් ජර්නල් හි ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන බයිරෝන් ටාවු  මේ බව තහවුරු කිරීමට සියලු වාර්තා ඉදිරිපත් කර ඇති අතර මෙම පුද්ගලයා බදු වංචා කිරීම, විදේශ බලපෑම් කිරීම සහ මැතිවරණ අරමුදල් සම්බන්ධ දූෂණ චෝදනාවලට වැරදිකරු ව දැනට වසර 12ක සිර දඬුවමක් විඳියි. වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කර ඇති ආකාරයට මෙම සිරදඬුවමට අදාළ වූ විදේශ බලපෑම් පිළිබඳ චෝදනාවේ දී ඔහු ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් මුදලට සිදු කර ඇති බලපෑම් ද ඇතුළත් වන බව සඳහන් වේ.

ඔහු ඇමෙරිකානු ඔත්තු සෙවා සපයන්නතු ලෙස කටයුතු කළ කාලයේ ඔහුට පවතින සමීප රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලින් වාසියක් ලබා ගැනීමේ අරමුණින් මෙසේ සිදු කර ඇති බව හෙළි ව ඇති අතර එරට නීතිය අනුව රාජ්‍ය තන්ත්‍රයට විදේශ රටක් සම්බන්ධයෙන් බලපෑම් කිරීම නීති විරෝධී ක්‍රියාවකි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ සම්බන්ධයෙන් මීට කලින් වතාවක සන්ඩේ ටයිම්ස් පුවත්පතද කරුණු අනාවරණය කර ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීම සහ එරට රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් සඳහා උදව් ලබා ගැනීම ඇමෙරිකානු පුද්ගලයන්ට සහ මහජන සම්බන්ධතා අයතනවලට මුදල් ලබා දී ඇති බව ට වාර්තා වී ඇත. මෙම මුදල් ශ්‍රි ලංකා මහ බැංකුව හරහා මෙන්ම එවකට විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රිවරයා ලෙස ක්‍රියා කළ  මන්ත්‍රිවරයාගේ  (එවකට විදේශ අමාත්‍ය අධික්ෂණ මන්ත්‍රිවරයා ලෙස කටයුතු කළේ සජින් ද වාස් ගුණවර්ධනයි ) කාර්යාලය හරහා එම මුදල් ගෙවා අති බව ඔවුන් ද වාර්තා කොට ඇත.

සන්ඩේ ටයිම්ස් එවකට තවදුරටත්  කර ඇත්තේ එවකට පැවති රජය පාර්ලිමේන්තුව සහ කැබිනට්ටුව මඟ හැර එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හරහා මෙම මුදල් ජුබේරි වෙත යවා ඇති බවය.

එසේම මෙම මුදල්වලින් සියයට 85ක්ම ජුබේරි සහ ඔහු ගේ බිරිඳය පරිහරණයට ගෙන  ඇති බවටද ඔවුන් කරුණු හෙළිදරව් කර ඇති බව සඳහන් වෙයි. මෙම මුදල ඔහුටද ඔහුගේ නමින් ඇති සමාගමකටද යවා ඇති බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිවේගයේ මාරක ගමනක් ගිය තලාතුඔය නඩය හඳුනා ගනී

Next Post

දින 02ක් තුළ වැලිකඩින් කොවිඩ් ආසාදිතයන් 105ක්… අලුත් කොවිඩ් පොකුරක ලකුණු…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.