බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකාවෙන්-යුරෝපෙන් මාතලේට ඇති අනතුර ගැන රෝහිණි කවිරත්නගෙන් රතු එළියක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 29, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

‘යුරෝපා සංගමය, ඇමරිකාව සහ එංගලන්තය ආනයන පාලනයට මිත්‍රශීලි නොවන ප්‍රතිචාර දැක්වීමේ අවදානම‘ කර ශ්‍රී ලංකාව යොමු වෙමින් ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

ගෙවුම් ශේෂය පාලනය කිරීමට භාණ්ඩ ආනයනය පාලනය කිරීම, ප්‍රාථමික ආර්ථික උපක්‍රමයක් යැයි කවිරත්න මහත්මිය පැවසූවේ මාතලේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී ය.

ඇය වැඩිදුරටත් පහත අදහස් දැක්වීය.

“පසුගිය මාස 6 තුල රජය දැඩි ආනයන පාලනයක් පවත්වාගෙන යයි. බටහිර රටවලින් ආනයනය කරන තත්වයෙන් උසස් භාණ්ඩ, අමතර කොටස්, පාරිභෝගික භාණ්ඩ, ඖෂධ, වාහන, කාර්මික යන්ත්‍රෝපකරණ ඇතුළු භාණ්ඩ හිඟයක් වර්ධනය වෙමින් ඇත.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ආණ්ඩුවේ ආර්ථක දැක්මක් නැතිකම, දිගු කාලීන ආර්ථික හා දේශපාලනික අර්බුද රැසකට මාවත විවර කරමින් තිබේ.

අපේ රටේ ප්‍රධාන අපනයන ඇඟළුම්, තේ, කුළුබඩු, කෝපි, මැනික් ඇතුළත්. මධ්‍යම පළාත තමයි තේ, කෝපි, කුළුබඩු නිෂ්පාදනය කරන ප්‍රධානම මර්මස්ථානය. ඇමරිකානු ඩොලර් මිලියන 1000 කට ලැබෙන්නේ මේ කෘෂි නිෂ්පාදනවලිනි.

මාතලේ – අළහැර සීමාව තමයි ලංකාවේ මිල අධිකම මැණික් හම්බවෙන්නේ. ඩොලර් මිලියන 430 කට වඩා එයින් වසරකට ලැබෙනවා.

ආනයන සිමාකිරීමට එකට එක කිරීමක් ලෙස ඇමරිකාව, යුරෝපය ලංකාවේ අපනයන සීමා කිරීමට තීරණය කළොත් ඉස්සර වෙලාම විනාශ වෙන්නේ මාතලේ, මහනුවර, නුවරඑළියේ ආර්ථිකය යි.

ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙදපොල අපනයනයෙන් 25% ක පංගුවක් හිමි ඇමරිකාවයි. එංගලන්තයට 9% ක් අපනයන පංගුවක් සහිතව දෙවන ස්ථානයේ ද සිටී. යුරෝපා සංගමය ලංකාවේ තනි විශාලතම අපනයන වෙළෙදපොළයි. යුරෝපා සංගමයේ රාජ්‍යයන් වන ජර්මනිය 4.7% , ඉතාලිය 4.6% , බෙල්ජියම 3% , තුර්කිය 2%, නෙදර්ලන්තය 1.% , ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ස්විඩනය, පෝලන්තය ලංකාවේ අනෙකුත් ප්‍රධාන වෙළෙඳ පොළ අතර වේ. කැනඩාව 1.8% ක් හිමිකර ගනී. ඒ අනුව, ලංකාවේ අපනයන ආදායමෙන් 80%කට වැඩි කොටසක් යුරෝපා සංගමය (40%), ඇමරිකාව (25%) හා එංගලන්තය (9%) මගින් ලැබේ.

ලංකා අපනයනවලින් 33.8% ක් යුරෝපයට විකුණනු ලබයි. ඇමරිකාව හා කැනඩාවට තවත් 30% කි. මේ කණ්ඩායම් දෙක ආර්ථික හා දේශපාලනිකව තරහා කර ගැනීමක් පාමුලට රජය පැමිණ තිබේ.

ලංකාව භාණ්ඩ ආනයනයක කරනු ලබන්නේ ඉන්දියාව 22%), චීනය (20%), ඩුබායි (7.5%), සිංගප්පුරුව (6.2%), ජපානය (5%) විසිනි. ලංකාවට භාණ්ඩ ගෙන්වන රටවල් අතර ඇමරිකාව (3.9%) හය වන ස්ථානයේ ද, ජර්මනිය 10 වන ස්ථානයේ ද, ඉතාලිය 14 වන ස්ථානයේ ද වේ.
අපගේ අපනයන ආදායම රැදී ඇත්තේ යුරෝපය, ඇමරිකාව හා එංගලන්තය මත ය. යුරෝපා සංගමය දැනටමත් ලංකාවේ ආනයනය සීමා කිරීම පිළිබඳ උනන්දුවී ඇත. ඉතා නුදුුරු කාලයක ලංකාවේ ආනයන සීමා කිරීම් වෙළෙඳ හා දේශපාලනික අර්බුදයක් බවට පත්වීමට ඇති ඉඩ කඩ විවර කරන බව ද කවිරත්න මහත්මිය පැවසූවාය.

වෙළෙඳ හිඟය අවම කර ගැනීම සඳහාත්, විදේශ මුදල් සංචිත පවත්වා ගැනීම සඳහාත් ආනයන සීමා කිරීම දිගු කාලීන පිළියමක් වන්නේ නැත. එය දිගු කාලීන අර්බුද රැසකට මාවත හෙළි කරනු ඇති අතරම, අනවශ්‍ය දේශපාලන ගැටුමකට අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් සිටී.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

කසල තේ සමඟ තරුණයෙක් අත්අඩංගුවට

Next Post

අත්අඩංගුවට ගත් මහනුවර නිවසේ හිමිකරු ලෙව්කේ අද අධිකරණයට

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.