බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකානු කාන්තාරයෙන් හමුවූ අබිරහස් ලෝහ කණුව පිටසක්වල එකක්ද?

by Lanka Sara Editor
නොවැම්බර් 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අමෙරිකාවේ උටා කාන්තාරයේ රතු පාෂාණ රාජ්‍යයේ අභිරහස් ලෙස දැවැන්ත ලෝහ කණුවක් ගල් පර්වතයක කිඳා බැස තිබියදී සොයාගත් බව මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. කෙසේවෙතත් මෙම ලෝහ කණුව කිඳා බස්සවා ඇති ස්ථානය සහ එය කුමක්ද යන්න මෙතෙක් අභිරහසක් වීම නිසා ඇතැමුන් පෙන්වා දෙන්නේ මෙය පිටසක්වලකින් යම් අරමුණයකට දැමූ එකක් වන්නට ඇති බවයි.

මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ වනජීවි සම්පත් අංශය හා ගුවන් කාර්‍යංශය එක්ව ගිනිකොන දිග උටාහි කොටසක විශාල අං සහිත බැටළුවන් ගණනය කිරීමේ ගුවන් මෙහෙයුමක පසුගිය 18 වන දින යෙදී සිටියදී මෙම ලෝහ කණුව සොයා ගන්නා ලදී.

මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මුදාහැර ඇති ලෝහ කණුවේ ඡායාරූපවල පැති හතරක් සහිත අඩි 10 ක පමණ උසැති ලෝහ කණුවක් දැක්වේ. මතුපිට දිලිසෙන නමුත් පරාවර්තක බවක් නොපෙනෙන මෙම කණුව රතු පාෂාණ ගල් පර්වතයේ පොළොව යටට අඩි 10ක් පමණ කිඳා බැස ඇතැයි ඔවුහු අනුමාන කරති.

“එය මල නොබැඳෙන වානේ වර්ගයක්. එය පොප් රිවට් සමඟ එකතු කර ඇති බව පෙනේ,”  මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ලුතිනන් නික් ස්ට්‍රීට්පැවසීය. ” එය ඒ ආකාරයෙන් සැකසූවක් නම් එය නියත වශයෙන්ම මිනිසුන් විසින් එකට එකතු කර සකසන ලද්දකි. කාලරාමුව අනුව නම් අප දන්නා පරිදි, එය මීට වසර 50, 60 කට පෙර එහි සවිකල හැකිව තිබුණා. නමුත්, එය සෑදී ඇති ද්‍රව්‍ය නිසා එය එසේ වූවා යැයි හිතන්නට බැහැ. කොහොම වුණත් එය අනිවාර්යයෙන්ම සිත්ගන්නා සුළු ස්ථාපනයක්.”

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

“මෙම මෙහෙයුමේ යෙදී සිටියදී ඔවුන් අසාමාන්‍ය වස්තුවක් සොයාගෙන වැඩිදුර විමර්ශනය කිරීම සඳහා ඒ අසලට ගොඩ බැස්සා. කාර්ය මණ්ඩල සාමාජිකයින් දුරස්ථ ප්‍රදේශයකදී රතු පාෂාණයක භූමියේ සවි කර ඇති ලෝහ කණුවක් සොයා ගත්තා.”

මෙම පාෂාණ භූමියේ මෙම ලෝහ කණුව ස්ථාපනය කළේ කවුරුන්ද යන්න පිළිබඳව “පැහැදිලි ඇඟවීමක්” නොමැති බව එරට වාර්තා පෙන්වා දෙයි.

මෙම කලාපයේ පොදු ඉඩම්වල අවසරයකින් තොරව චිත්‍ර හෝ කිසිවක් ස්ථාපනය කිරීම නීති විරෝධී බව මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. “ඔබ කුමන ග්‍රහලෝකයකින් පැමිණියත් එවැනි දේකට ඉඩක් නැත” යනුවෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවට නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

“මෙය කිසියම් ආකාරයක ස්ථාපන උත්සාහයක් බව අපට 100% ක්ම විශ්වාසයි” යැයි  මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ලුතිනන් නික් ස්ට්‍රීට් පවසයි.

“උත්සාහයක් නොවේ, ඔවුන් එය ගිනිකොනදිග උටාහි රතු පර්වතයේ සාර්ථකව ස්ථාපනය කර තිබෙනවා.
පුද්ගලයන් එම ලෝහ කණුව සොයා ගැනීමටත් එය නැරඹීමටත් උත්සාහ කිරීමෙන් වලක්වා ගැනීම උදෙසා එම ස්ථානය නිශ්චිතව අනාවරණය කර නැත.

“අනෙක් කරුණ නම් මෙය සොයා එන පුද්ගලයන් අතරමං වීමේ වැඩි ඉඩක් පවතින අතර ඉන්පසු ඔවුන් බේරා ගැනීමත් කරන්නට අවශ්‍ය වීමයි” යනුවෙන් එම ප්‍රකාශය අනතුරු ඇඟවීය.

උටාහි සියොන් ජාතික වනෝද්‍යානයේදී සති දෙකකට ආසන්න කාලයක් අතුරුදහන් වූ කැලිෆෝනියාවේ කාන්තාවක් ආරක්ෂිතව සොයා ගැනීමෙන් මසකට පමණ පසු මෙම ලෝහ කණුව හමුවී ඇති නමුත් මෙම කණුව සෙවීමට උත්සාහ නොකරන ලෙස මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කර ඇත.

රතු පාෂාණ රාජ්‍යය ලෙස හැඳින්වෙන්නේ උටා කාන්තාරයේ සංචාරක කර්මාන්තයට අතිශය වැදගත් කැපී පෙනෙන කඳු නැගීමේ කලාප පහෙන් එකකි.

ගල් පර්වතයේ කිඳා බැස්සවූ ලෝහ කණුව හමුවූයේ රතු පාෂාණ රාජ්‍යයෙ සිටින මෙවැනි විශාල අං සහිත බැටලුවන් ගණනය කිරීමට ගිය ගුවන් මෙහෙයුමේදී ය
ලෝහ කණුව ළඟට පෙනෙන අයුරු
ගුවනට දිලිසෙන යමක් මෙලෙස පෙනීම නිසා පරීක්ෂා කිරීමේදී ලෝහ කණුව හමුවී ඇත

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැගෙනහිර කොවිඩ් අවදානම තහවුරු වෙයි… කල්මුණේ පාසල් වසා දැමේ…

Next Post

20ට විරුද්ධ වූ හිමිවරුන්ට පසුදින මුහුණ දුන් අත්දැකීමක් කරූ හෙළිකරයි

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.