ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුලු යුරෝපා රටවල් 12ක තානාපතිවරු විපක්ෂ නායක හමුවෙයි… ඇමරිකාව ඉන්දියාව රනිල්ට සහය පල කරයි!

අමෙරිකානු– බ්‍රිතාන්‍ය-ජපාන-ඉන්දියා-කැනඩා-ඔස්ට්‍රේලියා-යුරෝපා කොමිසමේ ඇතුලු තානාපතිවරුන් 12  දෙනෙක් සජිත් ප්‍රේමදාස හමු වී සාකච්ඡා කළ බව සමගි ජන බලවේගය පවසයි.

ලංකාව යළි ගොඩගැනීමට අවශ්‍ය සියලු සහාය ලබා දීමට එම පිරිස විපක්ෂනායකවරයාට සහාය පළ කළ බව ද එම ආරංචි මාර්ග පවසයි.

මේ අතර නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්  රනිල් වික්‍රමසිංහ වෙත මෙරට ඇමරිකානු තානාපති ජූලි චන්ග් සුබ පැතුම් එක්කර  තිබිණි. සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කළේ, නව අග්‍රාමාත්‍යවරයා සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවය.

රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම සහ කඩිනමින් නව රජයක් පිහිටුවීම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාගැනීමටත්, ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමටත් ගත් පළමු පියවර බව පවසන ඇමරිකානු තානාපතිනිය ප්‍රකාශ කර සිටියේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග කරනු ලබන ගනුදෙනුවේ අර්ථවත්  ප්‍රගතියක් අත්පත් කරගෙන දිගුකාලීන විසඳුමක් සඳහා යෑමට රජය දිරිමත් කරන බවය.


ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය  ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්  පවසන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට අනුකූලව පිහිටුවන ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය අපේක්ෂා කරන බවත්  ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම තවදුරටත් අඛණ්ඩව පවතිනු ඇති බවත් කීවේය.

Exit mobile version