ඊයේ (02) දිනය පුරා එක්සත් රාජධානියේ Fullerian RFC, Conynges Drive පැවති උත්කර්ෂවත් ශ්‍රී ලංකා රග්බි සැණකෙළියේ දී පිරිමි අංශයේ ශූරතාව දිනා ගැනීමට ආදි ඉසිපත කණඩායමත් කාන්තා අංශයේ ශූරතාවය දිනා ගැනීමට ආදි සිරිමාවෝ කණ්ඩායමත් සමත් විය.
එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රි ලාංකික රග්බි ලෝලීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්කර්ෂවත් රග්බි සැනකෙළිය පැවැත්විනි. ඒ සඳහා පිරිමි කණඩායම් 20ක් සහ කාන්තා කණ්ඩායම් 06ක් සහභාගී විය.
සජීවී සංගීතය, DJ සංගීය, රසවත් ශ්‍රී ලාංකේය ආහාර සහිතව පැවති මෙම සැණකෙළිය කුඩා දරුවාගේ සිට වැඩිහිටි සියල්ලන්ම පිනවන ආකාරයෙන් සැලසුම් කර තිබිණි.
තරගයේ ශූරතාව සඳහා තරග වැදුනේ ආදි ඉසිපතන පිළ සහ ආදී සහීරා පිලය. ඉසිපතන පිල සහීරා පිල පරදවා ගෝල 2 -1ක ජයග්‍රහණයක් වාර්තා කළේය. ශූරතා සම්මානය ආදි ඉසිපතන පිලට හිමි විය.
![](http://lankasara.com/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-02-at-23.26.32_c184bf22.jpg)
අනුශූරතාවයට ලබා දෙන ප්ලේට් කුසලාය වෙනුවෙන් දෙවැනි සහ තුන්වැනි කණ්ඩායම් වූ ආදි සහීර කණ්ඩායම සහ ආදි වෙස්ලි කණ්ඩායම තරග වැදිනි. ප්ලේට් කුසලානය හිමිවන්නේ ආදි සහීරා කණ්ඩායමය. සහීරා කණ්ඩායම ගෝල 3-2ක ජයක් ලැබුවේය.
![](http://lankasara.com/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-02-at-23.26.34_dc5e7c8b.jpg)
දෙවැනි අනුශූරයන් තේරීම සඳහා තරගයේ තුන්වන සහ හතරවන ස්ථාන දිනා ගත් ආදි රාජකීය කණ්ඩායම, ආදි ශාන්ත අන්තෝනි කණ්ඩායම සමග තරග වැදිනි. ආදි ශාන්ත අන්තෝනි කණ්ඩායම පරදවා දෙවැනි අනුශූරතාවය ආදි රාජකීය විද්‍යාලයීය කණ්ඩායම දිනා ගත්තේය. ඒ ගෝල 3-1ක් ලෙසය.
තුන්වන අනුශූරතාවය සඳහා තරග කළ ආදි ආනන්ද හා ආදි කිංස්වුඩ් කණ්ඩායම් අතර තරගයේ දී ආදි කිංස්වුඩ් කණ්ඩායම පරදවා ආදි ආනන්ද කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේය. ඒ ගෝල 2-1ක් ලෙසය.
කාන්තා ශූරතාවය සඳහා අවසන් තරගය පවත්වන්නේ ආදි විශාඛා සහ ආදි සිරිමාවෝ කණ්ඩායම් අතරය. ශූරතාවය දිනා ගත්තේ සිරිමාවෝ කණ්ඩායම ය.
![](http://lankasara.com/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-02-at-23.26.33_ca9205cd.jpg)