ඇමති බන්දුල නිසා  අගමැතිට පොලිසිය අමතන්න වෙයි!

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ තුෂාන් ගුණවර්ධන  සිය ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කරමින් තමන්ට අදාළ අමාත්‍යවරුන් දෙපළෙන්ම දේශපාලන බලපෑම් එල්ල වූ බවට සහ සතොස ආයතනයේ දූෂිත ක්‍රියාකාරකම් සඳහා තමන්ගේ ස සම්බන්ධ බවට  මාධ්‍ය වෙත සිදු කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණර්ධන   අද අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ අද අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රධානත්වයෙන් රැස් වූ ජීවන වියදම් පිළිබඳ කමිටු රැස්වීමේදීය.

සතොස ආයතනයේ සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් මෙම රැස්වීමේ දි අදහස් පැන නැගී ඇති අතර එහිදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා දේශපාලන පත්වීමක් මත පාරිභොගික අධිකාරියේ සභාපති තනතුරට පත් තුෂාන් ගුණවර්ධන  වෙත විවිධ බලපෑම් කළ බවට කරන චෝදනා ප්‍රතික්ෂේප කළ අතර මේ සම්බන්ධයෙන් තමන් නිර්දෝශී බැවින් ඒ පිළිබඳව තමන් විසින් කරන ලද පැමිණිල්ල පිලිබඳ පරීක්ෂණ කඩිනම් කරවන්නැයි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සූම් තාක්ෂණය ඔස්සේ පැවති මෙම රැස්වීමේදී අමාත්‍යවරයාගේ මෙම දැඩි ඉල්ලිම හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ   ජීවන වියදම් කමිටු රැස්වීම අතරතුරේ  තම කාර්ය මණ්ඩලයට පොලිස්පතිවරයා සම්බන්ධ කර දෙන ලෙස ඉල්ලා සිටි අතර ඒ අනුව අදාළ පරීක්ෂණය කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා ඒ මොහොතේදීම පොලිස්පතිවරයාට දුරකථන ඔස්සේ දැනුම් දුන්නේය.

 

Exit mobile version