නිර්මාණය වී ඇති ඉන්ධන අර්බුදය මත හෙට දිනයේ පැයක කාලයකුත් අනිද්දා සිට පැයයි විනාඩි හතලිස් පහක සිට පැය දෙක දක්වා කාලයකුත් අනිවාර්ය විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංවිම ඉංජිනේරුවරු පවසති.
සවස 2 සිට රාත්‍රී 9 වනතෙක් ඛාණ්ඩ 04ක් යටතේ මෙම කප්පාදුව සිදුවන බව පවසන ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න පවසන්නේ මෙම විදුලි කැපීම සම්බන්ධ සැලසුම මහජන උපයෝගීතා කොමිසමට යොමුකර අනුමැතිය ලබා ගත් පසු ජනතාවට ප්‍රකාශ කරන බවය.
එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පෙන්වා දෙන්නේ ජලය තිබුණත් ගල් අඟුරු තිබුණත් තව මාස තුනක් තුළ දැවැන්ත විදුලි කප්පාදුවක් අනිවාර්ය බවය.
“ අපට තෙල් ලැබුණත් ගල් අඟුරු ලැබුණත් තව මාස දෙකක් තුනක් යද්දි ජලාශවල ජල මට්ටම හොඳටම බහිනවා. මාස හතරකට ඉහතදි සියයට හැත්තෑවක් විදුලිය දුන්නෙ ජල විදුලියෙන්. දැන් සියයට 25යි. මේක අඩුවෙනවා සියයට පහට. ඒ මට්ටමේ දී තෙල් කොච්චර ලැබුණත් අපට විදුලි කප්පාදුවකට යන්න වෙනවා. අපි ඉන්නෙ එවැනි තත්වයක. 2014න් පස්සෙ අපි බලාගාර හදලා නෑ.
කෙසේ වෙතත් විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ අවධාරණයෙන් කියා සිටින්නේ රටේ විදුලි කප්පාදුවක් සිදුකරන්නනෙ නැති බවය. හෙට උදේ සාකච්ඡා කරනවා අපට ලඟ දැවිතෙල් කොපමණ තරමක් තියනවා ද කියලා බලන්න. අපි උත්සාහ කරන්නේ
Discussion about this post