ඇමති නඩු දානවා නම් ඉතාම සතුටුයි… මහජන උපයෝගීතා කොමිසමේ සභාපති කියයි…

 තමන් කළ ප්‍රකාශය සම්බන්ධව විෂය භාර ඇමතිවරයා නෛතික ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් තමන් අතිශයින් සතුටුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති  ජනක රත්නායක පැවසුවේය.

අද පැවති මාධය හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ යමක් පිළිබඳව වගකීම් සහිතව ප්‍රකාශයක් කළ විට දේශපාල අධිකාරිය කළ යුත්තේ එම ප්‍රකාශය කළ පුද්ගලයාට නඩු දැමීම නොව, ඒ කියන්නෙ කුමක්ද යන්න සොයා බලා ගැටලුවක් තිබේනම් නිවැරදි කිරීම බවය. 

කෙසේ වෙතත් ඇමතිවරයා නඩු දමන්නේ නම් තමා අතිශයින්ම සතුටුවන බව කී මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කීවේ එවිට අධිකරණය ඉදිරියේ දීම මේ ඉන්ධනවල ප්‍රමිතිය, මිල ගණන්, සංයුතිය සම්බන්ධව සැබෑ කාරණා හෙළි වී ජනතාවට ඇත්ත දැනගත හැකි වනුඇති බවය. 

එමෙන්ම  ලංකාව තුළ භාවිතා කරන ඩීසල් සහ පෙට්ට්‍රල්වල ගුණාත්මකභාවය සම්බන්ධව  පසුගිය මාස කීපය පුරාම මහජන උපයෝගිතා කොමිසමට පැමිණිලි විශාල වශයෙන් ලැබුණු බැවින් ඒ පිලිබඳව සොයා බැලීම ද මේ වන විට  ආරම්භ කර ඇතැයි   කොමිසමේ සභාපතිවරයා කීවේය.  


ලංකාවේ තිබෙනා පෙට්ට්‍රල් පිරවුම්හල්  1200න් සියයට 10කින්ම මේ සම්බන්ධව  පැමිණිලි ලැබුණ බව  හෙතෙම කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඛනිජතෙල් පිලිබඳ ඇතිවන ආරවුල් සහ පැමිණිලි විභාග කරනුයේ මහජන උපයෝගිතා  කොමිසම බැවින් මේ වන විට  පරික්ෂා කිරීම සඳහා දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නියැදි ලබා ගැනීමට කටයුතු කර ඇතැයිද සභාපතිවරයා පැවසීය.

 

Exit mobile version