ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියානු අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කිරීමත් සමග ඔහුට එරෙහිව ක්‍රිකට් ආයතනය මගින් පනවා තිබුණු තහනම ඉවත් කිරීමට තමන් පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කොට ඇත.
මේ අතර ධනුෂ්ක නැවත කණ්ඩායමට කැඳවිය යුතු බවට ඇතැම් සමාජ ජාල ක්‍රියාකරුවන් පිරිසක් දැනටමත් ප්‍රචාරයක් ගෙන යමින් සිටී.
ක්‍රිකට් බලධාරීන්ද ඔහුට එරෙහිව පනවා තිබූ තාවකාලික වාරණය ඉවත් කිරීමට යන බවද අලුත්ම ආරංචි මාර්ග වලින් පැවසේ.
එහෙත් මේ පිළිබඳව ලංකාසරට අදහස් දැක්වූ ප්‍රවීණ ක්‍රීඩකයන් කිහිප දෙනකුම පැවසුවේ දිගින් දිගටම විනය කඩ කිරීම් සිදු කරමින් ලාබාල ක්‍රීඩකයන්ට නරක ආදර්ශ ලබා දුන් මෙවැනි ක්‍රීඩකයකුට නැවත අවස්ථාවක් ලබා දීම ගැන දෙවරක් සිතා බැලිය යුතු බවයි.
ඕස්ට්‍රේලියානු අධිකරණයෙන් නිදහස් වුණත් කණ්ඩායමේ ඇඳිරි නීතිය කඩ කරමින් කණ්ඩායම් කළමනාකරුගේ නිල මෝටර් රථයෙන් කාන්තාවන් සමග අනාචාරයේ හැසිරීමට යාම ගැන ධනුෂ්ක හා කළමනාකරු සම්බන්ධව මුලින්ම පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් ඔවුහු පවසති.
බොහෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ විනය පිරිහීම සම්බන්ධව ඔවුන්ගේ පෞද්ගලික කළමනාකරුවන්ද වග කිව යුතු බවත් ඔවුන් පිළිබඳව ක්‍රිකට් ආයතනයේ කිසිදු නියාමනයක් නොමැති බවත් ඔවුන්ගේ අදහසයි.